කැනඩාවේ ෆ්‍රෑන්ක්  අභිරහසක්

කැනඩාවේ ෆ්‍රෑන්ක් අභිරහසක්

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙන කැනඩා ඔටාවා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ෆ්‍රෑන්ක් ද සොයිසාගේ හැසිරීම විමර්ශකයින්ට දැඩි ප්‍රහේලිකාවක් බවට පත්වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

මෙවැනි දරුණු ඝාතනයක් කිරීමට තරම් හේතු වූ කරුණු කාරනා මොනවාදැයි හොයා ගැනීමට මේ වන විට විමර්ශකයින් ශ්‍රි ලාංකිකයින් විශාල පිරිසකගෙන් ප්‍රශ්න කොට ඇති බව වාර්තාවේ.

 

ඔටාවා නුවර පිහිටි හික්ඩා ජයවර්ධනාරාමයේ සුනීත හිමියන් පවසා ඇත්තේ සැකකාර තරුණයාට ඔහු ඉගෙනුම ලබන ආයතනයේ ප්‍රශ්නයක් ඇතිව තිබෙන බවත් එම නිසාම ඔහු මානසික ආතතියකට ලක්ව සිටි බව තමන් වහන්සේට දැනගැනීමට ලැබුණු බවයි. විපතට පත් වික්‍රමසිංහ පවුලේ අය උන්වහන්සේගේ ආරාමයට නිතර පැමිණ තිබේ. එසේම මේ තරුණයා හා වික්‍රමසිංහ පවුල අතර කිසිම ආරෝවක් නොතිබුණු බව තුවාල ලබා සිටින පියා තමා සමග පැවසූ බව උන්වහන්සේගේ පවසයි.

එහි පැමිණි සිය නිලධාරීන් ඉක්මනින් සැකකරු හඳුනාගෙන ඇති බවත්, ඔහුව කිසිදු පරිශ්‍රමයකින් තොරව අත්අඩංගුවට ගත් බවත් පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් පැවසීය.

කැනඩාවේ, ඔටාවා හී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ මීට දින කිහිපයකට පෙර පැවති උත්සවයක දර්ශන පෙළක් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

එහි දැක්වුණේ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ෆ්‍රෑන්ක් ද සොයිසාගේ 19 වැනි උපන්දිනය එහි සැමරූ ආකාරයයි.

ඔහුගේ උපන්දිනය මෙම ඝාතනය වූ නිවසේදීම බැලුම් එල්ලා අලංකාරවත් ලෙස සමරා තිබුණි.

මේ අතර කැනඩාවේ, ඔටාවා හී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ ඥාතීන් ඉදිරි දින කිහිපයේදී එරටට පැමිණිමෙන් පසු අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇතැයි කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් හර්ෂ නවරත්න මහතා පවසයි.

ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් බාර්හෙවන් ප්‍රදේශවාසින් ”සිහිපත් කිරීමේ වැඩසටහනක්”ද ඊයේ සංවිධාන කර තිබුණි

Related Articles