පොලිස් ඔත්තු කරුවන්ට තෑගි

පොලිස් ඔත්තු කරුවන්ට තෑගි

වයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුම මගින් සිදුකරන සාර්ථක අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් එම තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේය.

ඒ අනුව T-56, AK-47 ඇතුළු ස්වයංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීය වර්ගයේ ගිනි අවි සොයා ගැනීමේදී තොරතුරු ලබාදෙන පුද්ගලයාට රුපියල් දෙලක්ෂ පනස්දහසක ත්‍යාගයක් හිමිවේ.

එමෙන්ම රිවොල්ර් ගිනි අවියක් සැකකරු සමග අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්‍ෂ එකහමාරක්ද, සැකකරු නොමැතිව අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්ෂයක මුදලක් ද නිවැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයාට ගෙවීමට නියමිතය.

රිපිටර් වර්ගයේ ගිනි අවියක් සැකකරු සමග අත්අඩංගුවට ගැනීමේදී රුපියල් 50,000ක් ද සැකකරු නොමැතිව සොයා ගැනීමේදී රුපියල් 25,000ක් ගෙවිමට නියමිතයි.

විදේශ රටවල නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් සැකකරු සමග අත්අඩංගුවට ගැනීමේදී රුපියල් 15,000ක් ද, සැකකරු නොමැතිව සොයා ගැනීමේදී රුපියල් දස දහසක් ගෙවීමට නියමිතය.

මේ අතර විදේශයන්හි නිෂ්පාදිත අත්බෝම්බයක් සැකකරු සමග අත්අඩංගුවට ගැනීමේදී රුපියල් 25,000ක් ද, සැකකරු නොමැතිව සොයා ගත් විට රුපියල් 15,000ක් ගෙවීමට නියමිතයි.

මේ අතර දේශියව නිෂ්පාදනය කළ අත්බෝම්බයක් සැකකරු සමග අත්අඩංගුවට ගැනීමේදී රුපියල් 15,000ක් සහ සැකකරු නොමැතිව සොයා ගැනීමේදී රුපියල් දස දහසක් ගෙවීමට යෝජනා කර ඇත.

Related Articles