බැසිල් ගල් ගහන්න එපා කීවේ  කාටද ?

බැසිල් ගල් ගහන්න එපා කීවේ කාටද ?

පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනය අභියෝග වලින් ගහණ අවස්ථාවක් විය. සම්මේලනය සඳහා ජනතාව කැඳවා ගැනීම දුෂ්කර වුයේ අරගල සමයේ ගිනිගත් බස් ගැන සිහිපත් වූ බස් හිමියන් ප්‍රවාහන පහසුකම් සැලැස්වීමට මැලිවූ බව වාර්තා වූ නමුත් බැසිල් වැඩේ අත්හැරියේ නැති බව පෙනුනේ රැස්වීමට සහභාහි වූ පිරිස දුටු විටය.

රැස්වීමට සහභාගිවීමට පෙර මහින්ද රාජපක්ෂ පැමිණ සිටි පිරිස් පිළබඳව විමසා සිටියේ සාගර කාරියවසම්ය. අනෙක් අභියෝගය වුයේ ආර්ථික දුෂ් කළමනා කරණය පිළිබඳව නැගී තිබුන චෝදනා සහ ඒවාට රාජපක්ෂවරුන්ට දිය හැකි පිළිතුරු තිබේද යන්නයි. ඒ අභියෝගයටද මහින්ද සහ බැසිල් සාර්ථකව මුහුණ දුන්හ.

රාජපක්ෂ වරුන් ගේ නායකත්වය විවේචනයකින් තොරව පිළිගන්නා පිරිසක් සන්තර්පණය කිරීමට තරම් අනුපාන ඔවුන්ගේ කථා තුළ විය. මහින්ද රාජපක්ෂ තමන්ට හුරු පුරුදු මාර්ගය තෝරා ගත්තේය. රට ගලවා ගැනීමේ තුරුම්පුව දමා ගැසුවේ ඔල්වරසන් හඬ මැද්දේය .

පරමාධිපත්‍ය නායකයා:

මහින්ද රාජපක්ෂ එම පක්ෂයේ පරමාධිපත්‍ය නායකයා ලෙස හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ යෝජනා කළ අතර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු එම යෝජනාව ස්ථිර කළේය
”අපි නිවටයෝ කියලා හිතන්න එපා ‘-“අපේම ආණ්ඩුවක් සුදානම් වෙමු” යැයි බැසිල් රාජපක්ෂ පවසද්දී හිත පිනාගිය පාක්ෂිකයින් විසිල් ගහමින් තම අමන්දානන්දය පළ කළහ.

අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව බැසිල් පවසද්දීත් නැගුනේ ඔල්වරසන් හඬයි .

එඩිතර ආණ්ඩුවක්:

“අපේම ආණ්ඩුවක් පිහිටවන්න සුදානම් වෙමු…” යයි ඔහු අවධාරණය කළේය. මේ ආණ්ඩුව එඩිතර ආණ්ඩුවක් විය යුතු බවත් ඔහු පැවසීය. බැසිල් තම කථාව හමාර කළේ පැමිණ සිටි පිරිස් වලට අවවාදයක් කරමිනි “ඒ වගේම මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණා කරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා” ප්‍රතිවාදීන් තමන්ගේ වැරදි හෙවීමට සුදානමින් සිටින බවයි ඔහු පැවසුවේ .

ගහන්න එපා ගල්:

ආරක්ෂාකාරීව ගම්බිම් බලා පිටත්ව යාම සඳහා අවශ්‍ය ආරක්ෂාව යොදවා ඇති බව පැවසූ බැසිල් රාජපක්ෂ පිරිසේ බිය දුරු කළේය. සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා ගල්. අපි බලාගන්නවා…” යැයි බැසිල් රාජපක්ෂ කියා සිටියේය. රාජපක්ෂලාට ගල් ගහන්නේ ස්ජිත්ද -අනුර කුමාරද එහෙමත් නැත්නම් රනිල්ද ?

Related Articles