සජිත් දැඩි පීඩනයක

සජිත් දැඩි පීඩනයක

බෙංගාල බොක්කේ හටගන්නා පීඩන අවපාතයට වඩා වැඩි පීඩනයකට සජිත් ප්‍රේමදාස හසුවී තිබේ. මීලඟ ජනාධිපතිවරණයට සජිත්, රනිල් එක්ව තරගකර ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා ආරම්භ කලයුතු බව සමඟි ජන බලවේගයේ පිටසක් කියා සිටින නමුත් ඒ සඳහා සජිත් ප්‍රේමදාස ගේ එකඟත්වය ලැබී නැත.

මීට පෙර අවස්ථා ගණනාවකදීම තමන් ඩීල් කාරයෙක් නොවන බව විසින් පවසා ඇත. අනෙක් අතට කීපවතාකදීම ජනතා අනුමැතියකින් තොරව ඔහුට විධායක බලය ලබාගත හැකිව තිබුන නමුත් තමන් ඒ බලය ප්‍රතික්ෂේප කළ බව සජිත්- රනිල් සන්ධානය පිළිබඳව යෝජනා කරන පිරිස් වලට ඔහු පවසා තිබේ.

වෙන් වෙන්ව තරග කිරීමෙන් සමගි ජනබලවේගයට ආණ්ඩුවක් පිහිටුවීමට වාසියක් නොවන බවට මතයක් සමඟි ජන බලවේගය තුළ ඇතිවෙමින් තිබෙන වාතාවරණයක් තිබුනද සාකච්ඡා සඳහා සජිත් ප්‍රේමදාස තම අනුමැතිය ලබාදී නැත.

සාකච්ඡා සඳහා සජිත් ප්‍රේමදාස ගේ අනුමැතිය නොලැබුනද මුලික අදහස් හුවමාරුවක් සිදුවෙමින් පවතී. රනිල් වික්‍රමසිංහ හට ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙන්නේද නැද්ද යන්න මේ සාකච්ඡාවල තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත.

Related Articles