විනිසුරන් වෙනුවෙන් නීතිවේදීන් පෙරට

විනිසුරන් වෙනුවෙන් නීතිවේදීන් පෙරට

අභියාචනාධිකරණයේ සභාපතිවරයා අධිකරණ බලය අවභාවිත කළ බවට, 2023 නොවැම්බර් 8 වැනිදා රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා (ක්‍රීඩා ඇමතිවරයා) පාර්ලිමේන්තුවේදී කළ චෝදනාව පිළිබඳව “නීතිඥ සාමූහිකය” කියා සිටින්නේ ඉහළ අධිකරණයක විනිසුරුවරයෙකු සිය අධිකරණ බලය අවභාවිත කරන ලදැයි නැඟෙන ඕනෑම චෝදනාවක් ඉතා බරපතල බවයි.

අනෙක් අතට විධිමත්ව පැමිණිලි නොකර, පාර්ලිමේන්තු වරප්‍රසාදවල ආරක්ෂාව යටතේ අධිකරණයක නියෝග බාල්දු කිරීමත් ඒ හා සමානවම ප්‍රශ්නකාරී බව මේ “නීතිඥ සාමූහිකය පෙන්වා දෙයි.

අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතු බවයි “නීතිඥ සාමූහිකය” පෙන්වා දෙන්නේ.

දෝෂාභියෝග ක්‍රියාපටිපාටියක් හැරුණුකොට, ඉහළ අධිකරණවල අධිකරණ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමේ හෝ විනය පියවර ගැනීමේ, විනිවිද පෙනෙනසුළු සහ වගවීම් සහගත ක්‍රියා පිළිවෙලක් නැති හෙයින් . අභ්‍යන්තර ක්‍රියාපටිපාටියක් තිබීම, අපේ රටේ යුක්තිය සාධනය සඳහා අධිකරණය දක්වන දායකත්වය කෙරෙහි මහජන විශ්වාසක් ජනිත කිරීම සඳහා තීරණාත්මක වැදගත්කමක් දරන බව “නීතිඥ සාමූහිකය” පෙන්වා දෙයි .

නීතිඥ සාමූහිකය වෙනුවෙන් නිවේදනයට , අත්සන් තබා ඇත්තේ :

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය
ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
මහාචාර්ය, නීතිඥ සාවිත්‍රී ගුණසේකර
ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්
ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන්
ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස්
ජනාධිපති නීතිඥ එස්. ටී. ජයනාග
ජනාධිපති නීතිඥ එම්. එම්. සුහායිර්
නීතිඥ ලාල් විජේනායක
මහාචාර්ය දීපිකා උඩුගම
නීතිඥ උපුල් කුමරප්පෙරුම
නීතිඥ කේ. ඩබ්. ජනරංජන
නීතිඥ හර්ෂණ නානායක්කාර
නීතිඥ අකලංක උක්වත්ත
නීතිඥ එර්මීසා ටීගල්
නීතිඥ මනෝජ් නානායක්කාර
නීතිඥ අමිලා එගොඩමහවත්ත

Related Articles