මහින්ද ගේ අදිමදියෙන් පොහොට්ටුව සසලයි

මහින්ද ගේ අදිමදියෙන් පොහොට්ටුව සසලයි

පසුගියදා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ ඇතැම් විටක පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමට ඉඩ ඇති බවයි. මීට මාසයකට පමණ කලින් මහින්ද ,බැසිල්, සහ නාමල් රාජපක්ෂ පැවසුවේ තමන් අනිවාර්යයෙන්ම ජනධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.

එසේ නම් මේ වෙනස සිදුවන්නේ කෙසේද ?

මේ වෙනස සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ තමන්ගේ අපේක්ෂකත්වය වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කිරීමත් සමඟයි. පොහොට්ටුවේ අපේක්ෂයෙක් ලෙස හෝ පොදු අපේක්ෂකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීම ජාම බේරා ගැනීම සඳහා තමන්ට ඉතිරිව තිබෙන හොඳම ක්‍රියාමාර්ගය බව මහින්ද රාජපක්ෂ දනී.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සිටින ප්‍රකටව සිටි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහින්ද රාජපක්ෂ ගේ අදිමදියත් සමඟ වික්ෂිප්ත වී ඇත. එහෙත් ජනාධිපති තරඟයට පිවීසීමේ වෑයම අත්හැරීමට ධම්මික පෙරේරා සුදානම් නැත.

දැනට අර්බුදයට ලක්වී තිබුනද පොහට්ටුව යනු ජන පදනමක් තිබෙන තැනක් බව ධම්මික පෙරේරා දනී.ශුර ව්‍යාපාරිකයා ආයෝජනයට පසුබට වන්නේ නැත.

ධම්මික පෙරේරා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ අය අතර හිටපු ජනාධිපති හා ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිටි බව වාර්තා වේ.

ස්වාධීන මන්ත්‍රීන් ලෙස ක්‍රියා කරන ,ඒ පිරිස පවසා ඇත්තේ වැඩ පිළිවෙලක් ඇත්නම් තමන්ට ධම්මික පෙරේරා සමඟ ගමනකට එක් වීම සලකා බැලිය හැකි බවයි .

පොහොට්ටුවේ ජනාධිපති ධූර අපේක්ෂකයා නම්කොට නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන්නේ ලබන වසරේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මාස තුනකට පෙරදී බව පොහොට්ටුවේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසා ඇත්තේ මාධ්‍යවේදීන් මහින්ද ගේ අදිමදිය ගැන විමසු අවස්ථාවේදීය .

Related Articles