මීළඟ අර්බුදය අත ලඟද ?

මීළඟ අර්බුදය අත ලඟද ?

ලෝකයේ ගැඹුරුම ආගාධය මරියානා ආගාධය  ලංකාවේ ණය  ආගාධය ටත් වඩා ගැඹුරු බව පෙනෙන්නට තිබේ.
මේ වන විට ස්වෛරී බැඳුම්කර හිමි වාණිජ ණය හිමිකරුවන් කරුවන් හා ආන්ඩුවේ මූල්‍ය උපදේශකයින් අතර එකඟත්වයක් ඇති කර ගැනීමට බැරිවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා පවත්වන සාකච්ඡා තාවකාලික පසුබෑමකට ලක්ව තිබේ.


මේ සාකච්ඡා යළි පණ ගැන්වීම මේ සාකච්ඡා යළිත් ආරම්භ වුවත් දිගින් දිගටම ණය ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳාගත හැකි ද යන්න ප්‍රශ්නයකි.

මේ වන විට ආසියානු කලාපයේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ පළවෙනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත

මේ බංකොලොත්භාවය ඉල්ලාගෙන කෑමකි

බංකොලොත්භාවය ළඟ ළඟ එන බව පෙනෙන්නට තිබුණත් බැසිල් රාජපක්ෂ හා අජිත් නිවාඩ් කබ්රාල් වැන්නවුන් පොර ටෝක් දෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් බව කියමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට උවමනාවක් නැති බව කියා සිටියහ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ ආණ්ඩුවට සල්ලි ප්‍රශ්නයක් නැති බවය

මේ ප්‍රෝඩාකාරී මායාව වෙනස් කිරීමට හෝ තීරණාත්මක ලෙස ප්‍රශ්න කිරීමට විපක්ෂයට හෝ සිවිල් සමාජයට බලයක් නොවීය.

ආර්ථිකය ශ්‍රේණිගත කිරීම් වලට විරුද්ධව පොහට්ටුව අදහස් දක්වද්දී ඒ ක්‍රියාවලියේ බිහිසුණු බව රාජපක්ෂවරුන් හෝ හිතන්නට නැත

බැලූ බැල්මට ආර්ථිකය කඩා වැටුණේ ගෝඨාභය රාජපක්ෂගේ හිස මතට ය එහෙත් සැබෑව එය නොවේ දකුණු ආසියාවේ මානව සංවර්ධන දර්ශක අතින් ඉහළම තැනක සිටි ශ්‍රී ලංකාව එක රාත්‍රියකින් දකුණූ ආසියාවේ දුප්පත්ම රට බවට පත් විය.

රුපියල ශක්තිමත් වීම පිළිබඳව ආණ්ඩුව පුරාජේරු නගතත් සැබෑව නම් ආර්ථිකය අඩපණ කළ සාධක සියල්ලත් එහෙම්මමය.මුලික ප්‍රතිසංස්කරණ කිසිත් සිදු වී නැත.

මීලග ආර්ථික අර්බුදය 2022 ට ඇති වූ ආර්ථික අර්බුද රැල්ලට වඩා දරුණු හැකිය.

ශ්‍රී ලංකා ආණ්ඩුව තම විදේශ විනිමය වත්කම් වැඩි වීම පිළිබඳව උදම් අනයි හෙත් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත් වී ඇත්තේ ඩොලර් බිලියන ගණනක් ගෙවා ගත නොහැකි වයි මීට වඩා ධනය ඇති පුද්ගලයින් ලොව පුරා සිටිති නිදර්ශනයක් ගතහොත් ෙදහස් සමාජ මාධ්‍ය ජාල හිමිකරගෙන සිටි එලෝන් මාස්ක් එවැන්නෙකි බිල් ගේට්ස් තවත් කෙනෙකි. මෙවැනි පුද්ගලයින් ලක්ෂ දෙකකට වැඩි ගණනක් ලොව පුරා සිටිති.
මේ අනුව ලෝක පරිමාණයෙන් ශ්‍රීලංකාව සෙල්ලම් ගෙයකි

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් බිලියන විස්සක් සොයාගත නොහැකිවයි ශ්‍රී ලංකාවේ ගෑස් හා ඉන්ධන පෝලිම ඇතිවූයේ.

 

ත්ත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකාවේ අනුව කොයි මොහොතේ හෝ දැඩි අවධානයකට පත්විය හැකි ආර්ථිකයකි. රුපියල ශක්තිමත් වීම පිළිබඳ කෙරෙන කතා හුදු විනෝදය සහ තාවකාලික සන්තර්පණය පිණිස වැදගත් විය හැකිය
එහෙත් සැබැවින්ම ආර්ථිකය අවදානම් තැනකය.

මේ වන විට කිසිදු දේශපාලන පක්ෂයකට ක් ්‍රී ලංකාවේ ආර්ථිකයේ ණය ගැටළුව සමහන් කරන්නේ කෙසේදැයි තර්කානුකූල ආකාරයකට පැහැදිලි කිරීමේ හැකියාවක් නැත .

කල හැක්කේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙලට සහය දක්වන බව පැවසීම පමණි .

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පත්ව සිටින අවදානම් තත්ත්වය නිමකොට සාපේක්ෂ ස්ථාවරයක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය මුදල ඩොලර් බිලියන 100කට ආසන්නය . දැනට වාර්ෂික දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් හැත්තෑ පහකි .ණය ගෙවීම සඳහා අවශ්‍ය වන්නේ තවත් ඩොලර් බිලියන විසිපහක් පමණි .

මේ ඩොලර් බිලියන විසිපහ  හොයා ගන්නෙ කෙසේද?
මේ ගැටළුවට පිළිතුරු සපයන්නේ නැතිව කෙරෙන දේශපාලන සංවාද අර්ථ විරහිතය.

මේ ගැටළුවට පිළිතුරු හොයනවා වෙනුවට සිදු වී ඇත්තේ ය එක ණයක් පියවීම සඳහා තවත් ණය ලබාගැනීමයි.

පුරා වසර දෙකක් තිස්සේම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා සිදුවූව ද තවමත් එම සාකච්ඡා නිමාවට පත් වී නැත.

ණය ගැනීමෙන් බැහැර කෙරෙන සංවර්ධන වැඩපිළිවෙළක් පිළිබඳවද පිළිවෙලකට කතාබහක් නැත.

එසේනම් තවත් ආර්ථික අර්බුදයක් ළඟ ළඟම එන බව කීමට විශේෂ ඥානයක් අවශ්‍ය නොවේ.

අවශ්‍ය වන්නේ සාමාන්‍ය දැනුම පමණි. හුදු බලය ලබා ගැනීම සඳහා කටයුතු කරන දේශපාලන පක්ෂ වලට මෙම සාමාන්‍ය දැනීම නොමැති වීම අරුමයක් නොවේ.

එහෙත් එම සාමාන්‍ය දැනුමෙන් තොරව දෙන දෙයක් කා වෙන දෙයක් සිදුවෙනවා බලා ඉන්නවා හැරෙන්නට අන් යමක් නොදත් ජන සමාජයත් තිබීම කණගාටුදායක ය.

ඉදිරියේදී ඇතිවන ඉදිරියේදී ඇතිවන මැතිවරණ බල අරගලය ෙම ප්‍රශ්න විසඳීමට කෙරෙන උත්සාහයකට වඩා අවුල තවත් වැඩි කිරීමට දායක වෙන ක්‍රියාවලියක් බවට පත්වීමට ඉඩ තිබේ

 

ගාමිණී රුවන්චන්ද්‍ර

Related Articles