මෛත්‍රී සර්කස් සුලමුල

මෛත්‍රී සර්කස් සුලමුල

පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කල ප්‍රකාශය ඇසු මාධ්‍යවේදියෙක් ලංකා නිව්ස් ලයින් අමතා ඇසුවේ ‘පිනා සර්කස් මතකද ‘යන්නයි .

පිනා සර්කස් කණඩායම යනු 1960 දශකයේ තැනින් තැන කුඩාරම් ගොඩනගා සර්කස් පෙන්නු කණ්ඩායමකි .

නගරයකට පැමිණි හැමවිටකම ජනතාව ගෙන්වා ගැනීම සඳහා සර්කස් කණ්ඩායමේ නායක පිනා සර්කස් අංග මාරු කරමින් දර්ශනය යාවත්කාලීන කළේය .

 

මතක හැටියට පොළොන්නරුවේ කදුරුවෙල පිනා සර්කස් නිතර සංදර්ශන පැවැත්වූ නගරයකි. එහෙයින් මෛත්‍රීපාල සිරිසේනට පින සර්කස් අමතක වන්නට විදියක් නැත
පිනා සර්කස් යාවත්කාලීන ක්‍රමවේදය

පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බව පැවසීම සහ පිනා සර්කස් යාවත්කාලීන ක්‍රමවේදය අතර වැඩි වෙනසක් නැති බවයි ඒ මාධ්‍යවේදියා පැවසුවේ .

පාස්කු ප්‍රහාරයේ සුලමුල තමන් දන්නා නමුත් මරණ බිය හේතුවෙන් කිසිත් නොකියන බව මාධ්‍යවේදීන්ට මෛත්‍රීපාල සිරිසේන මුලින්ම පැසුවේ පසුගියදා හිටපු මන්ත්‍රී සජින් වාස් ගේ නිවසේදීය .

එසේ මරණ බිය දැනුනු මෛත්‍රීපාල සිරිසේන අස්ගිරියේදී ඒ රහස ප්‍රසිද්ධියේ කියා පෑම පසු පස සිටින්නේ කලක් රනිල් විකමසිංහ ගේ අනුග්‍රහයෙන් පාර්ලිමේන්තු ගිය මාධ්‍ය වේදියෙකි.

ප්‍රතිචාර සුබදායක නැත

ඔහු මේ පාස්කු පුවතට ප්‍රසිද්ධියක් දීමට මාධ්‍ය ආයතන වලට මුලින් කථා කල නමුත් ලැබෙන ප්‍රතිචාර එතරම් සුබදායක නොමැති බැවින් මේ වන විට සද්දේ වසා දමා ඇත .

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් 

තහවුරු නොකළ ආරංචි මාර්ග වලට අනුව මෛත්‍රීපාල සිරිසේන පොලිස් ඇමති ටිරාන් අලස්ට කතා කොට පවසා ඇත්තේ පාස්කු කථාව තමන් ඒ අවස්ථාවට ගැලපෙන ලෙස කියූ යමක් මිස ඊට වැඩි යමක් එහි නැති බවයි .

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්   පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

 

කතෝලික පල්ලියේ ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පැවසුවේ තම නීතිවේදීන් මේ ප්‍රකාශය අධ්‍යනය කරමින් සිටින බවයි.

 

බොහෝ දෙනා කලබල

මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රකාශය ගැන බොහෝ දෙනා කලබල වී සිටිති .එහෙත් මෙවැනි පුවත් බලබල ඉන්නවා හැරෙන්නට වැඩි කලබලයක් විය යුතු නැති බව ලංකා නිව්ස් ලයින් ඇමතු මාධ්‍යවේදියා කියා සිටියේය . හිටපු නීතිපති දප්පුල ලිවේරා පාස්කු පිපිරීම පසුපසින් මහා කුමන්ත්‍රණයක් ඇති බව කියා සිටියේ සේවයෙන් විශ්‍රාම ගන්නා දිනයේදීය.මහ හාහුවක් ඇතිවිය .සිදුවූ කිසිත් නැත . පසුව අගවිනිසුරු වූ මොහාන් පීරිස් අතුරුදහන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ විදේශයකදී දිටු බව කියා සිටියේය.සන්ධ්‍යා එක්නැලිගොඩ ගේ පැමිණිල්ලක් මත මොහාන් පීරිස් අධිකරණයට කැඳවනු ලැබුවත් වචන එහා මෙහා කරගෙන ඔහු ගැලවී ගියේය.

ඇතැමුන්ට අනුව මෙය රනිල් වික්‍රමසිංහ විසින් රාජපක්ෂලා බියගැන්වීම පිණිස සිරිසේන අතට දෙනලද දුම් බෝම්බයකි . එසේ නම් කලබල වීමට කොහෙත්ම හේතුවක් නැත.

දැනට හැමදාමත් ඉර පායන්නේ නැගෙනහිරින්ය.

 

Related Articles