මොස්කව් ප්‍රහාරය පිළිබඳව ශ්‍රි ලංකාවේ ශෝකය

මොස්කව් ප්‍රහාරය පිළිබඳව ශ්‍රි ලංකාවේ ශෝකය

මොස්කව් නගරයේ මායිම් ප්‍රදේශයක පිහිටි ප්‍රසංග ශාලාවකට තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තවත් 100 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු ආරක්ෂක පවසන අතරවාරයේ ශ්‍රී ලංකාවේ විදේශ අමත්‍යංශය තම ශෝකය රුසියාව වෙත පලකොට ඇත .

හමුදා ඇඳුමින් සැරසුණු ප්‍රහාරකයින් වශයෙන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් යුක්රේනය මේ ප්‍රහාරය මෙහෙයවා ඇති බව රුසියානු අගමැති පුතින් පවසයි .

යුක්රේනය රුසියානු අගමැති පුතින් ගේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි .

වයඹ දිග පිහිටි ක්‍රැස්නොගෝස්ක් නගරයේදී ප්‍රහාරය එල්ල කළ බව බීබීසී පුවත් සේවය විසින් සත්‍යාපනය කරන ලද වීඩියෝ දර්ශනවලින් පෙනී යයි.

තුවක්කුකරුවන් ක්‍රොකස් නගර ශාලාවේ ප්‍රවේශ දොරටුවෙන් ඇතුළු වී රංග ශාලාවට කඩා වදින අවස්ථාවේ එහි සංගීත සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් කර තිබිණි.

එම ගොඩනැගිල්ලේ වැඩි කොටසක් ගිනිබත් වූ අතර වහලයෙන් කොටස් ද කඩා වැටිණි.

ඉන්ටර්නෙට්හි තහවුරු නොකරන ලද ප්‍රකාශයක දැක්වෙන පරිදි, IS සටන්කාමි කණ්ඩායම පවසා ඇත්තේ, ප්‍රහාරය පසුපස තමන් සිටින බව ය.

බීබීසී පුවත් සේවයේ ඇමෙරිකාවේ හවුල්කාර පුවත් සේවාව වන CBS පුවත් සේවයට ඇමෙරිකානු නිලධාරීන් පැවසුවේ, රුසියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට IS සංවිධානයට අවශ්‍යතාවක් පැවති බවට ඔවුන්ට බුද්ධි තොරතුරු ලැබී තිබුණු බව ය.

Related Articles