මෝදි ගේ මැතිවරණ තුරුම්පු

මෝදි ගේ මැතිවරණ තුරුම්පු

අගමැති නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මස පැවැත්වෙන ඉන්දීය මැතිවරණයට පිවිසෙන්නේ තුරුම්පු අතේ තියාගෙනය .

නදිල්ලියේ ජවර්ලාහල් නේරු විශ්ව විද්‍යාලයේ සිට කථා කළ ලවන්‍යා සුප්‍රබෝධිනී පැවසුවේ බැලු බැලු අත මෝදී ගේ රුව දකින්නට ලැබෙන බවයි.

ප්‍රචාරණය සහ හින්දු ජාතිකවාදය

” වෙබ් අඩවිවල, ගුවන් විදුලියේ, රූපවාහිනියේ, දැන්වීම් පුවරු සහ දුම්රිය ස්ථානවල මෝදී හිනාවෙනවා දැක්කම දුකත් හිතෙනවා . අනෙක් අපේක්ෂකයෝ හැමෝම මෝදි ගේ මුවාවෙ ඉඳල තමයි ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ යැයි ඇය පවසන්නීය .

73 හැවිරිදි මෝදී තුන්වෙනි වතාවටත් ඉන්දියාවේ අගමැති වීමට සුදානම්ය . යූටියුබ්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ එක්ස්, මීට පෙර ට්විටර්හි වැඩි ම අනුගාමිකයින් පිරිසක් සිටින ලෝක නායකයින් අතර ඔහු සිටී.

මෝදී පෙනෙන තරමට ඡන්ද වැඩිවේ යන්න භාරතීය ජනතා පක්ෂයේ පිළිගැනීම වී තිබේ

ප්‍රචාරණය සහ හින්දු ජාතිකවාදය මෝදී ගේ මැතිවරණ ව්‍යාපාරයේ පදනම වී තිබේ .

මේ වන විට ලෝකයේ විශාලත්වය අතින් පස්වෙනි තැන ගන්නේ ගන්නේ ඉන්දීය ආර්ථිකයයි.

ජයග්‍රහණය නිසැක බව

ඔහු තුන්වන වරටත් ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරන්නේ අසන 543 ක් ඇති ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 350 ක් ලබදනිමිනි.

මෝදි ගේ ජයග්‍රහණය නිසැක බව ජනමත විචාරන කීපයකින්ම තහවුරු වී තිබේ . මෑත ජනමත විචාරණයකින් මෝදි ගේ භාරතීය ජනතා පක්ෂයට 62% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බව අනුමාන කොට ඇත .

ලවන්‍යා සුප්‍රබෝධිනී පැවසුවේ 62% ඉක්මවා යන ප්‍රතිපලයක් ලැබුනහොත් පුදුම වෙන්න දෙයක් නැති බවයි.

“ඉන්දියාවේ මධ්‍යම පාන්තික බුද්ධිමතුන් පවා මෝදි ගේ හින්දු ජාතික වාදයට මෝහනය වෙලයි ඉන්නේ ‘ යැයි යි ඇය පවසන්නීය

දක්ෂ සන්නිවේදකයෙක්
මෝදි ඇඟටත් හිතටත් දැනෙන සේ කථා කිරීමට සමත්ය

විපක්ෂ කොංග්‍රස් පක්ෂයේ නායක ශෂී තරූර් පවසන් පරිදි “අපි හැමෝට ම පේනවා, දක්ෂ සන්නිවේදකයෙක් තමයි වැඩේ ඉන්නේ කියලා. ඒක ගැන කිසි ම ප්‍රශ්නයක් නෑ” සහ “අග්‍රාමාත්‍යවරයා “ඵලදායී ලෙස කතා ඉදිරිපත් කිරීමේදී, සටන් පාඨ ගෙනහැර දැක්වීමේදී, කෙටි ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී, ඡායාරූප සඳහා පෙනී සිටීමේදී අසමසම” බව පිළිගත් තේය .

අනෙක් අතට මෝදී කයිවාරුකාරයෙක්ද නොවේ .ඔහුගේ කතාව තුල සරල බව සහ මානුෂික බව ගැබ්ව ඇත .තැනට සුදුසු ලෙස ඇඳුම් අඳින මෝදී තමන් ගේ ද්‍රෂ්‍ය ප්‍රකාශනය පිළිබඳව සැලකිලි මත්වෙයි .

අළුත් ඉන්දියාවක්
ලවන්‍යා සුප්‍රබෝධිනී පවසන පරිදි මෝදිගේ හින්දුත්ව දෘෂ්ටිවාදය සහ අධි-ජාතිකවාදය අළුත් ඉන්දියාවක් නිර්මාණය කරමින් සිටී .ඒ අළුත් ඉන්දියාව හොඳද නැතිද යන්න විවාදාත්මකය.

Related Articles