යල මහ දෙකටම කුඹුරු කරන අනුර

යල මහ දෙකටම කුඹුරු කරන අනුර

පළාත් පාලන මැතිවරණයක් පවත්වා තමන්ට ජනවරමක් තිබෙන බව පෙන්වීමට තමන් සුදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියා සිටී .
මැතිවරණයක් පැවැත්වීමට මුදල් නැතැයි කියා සිටීම පිළිගත නොහැකි බවයි ඔහු කියා සිටින්නේ . මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන ඇති බවයි ඔහු පවසන්නේ .මුදල් නැති බව පවසමින් දිගටම යමෙක් දිගටම බලයේ රැඳුන හොත් කුමක් සිදුවේදැයි ඔහු ප්‍රශ්න කරයි.

 

මේ මොහොතේ ආණ්ඩුව විදේශ ණය නොගෙවෙන හෙයින් තාවකාලික ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවයි ඔහු පවසන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ මුදල් පිළිබඳව කල විමසුමකට පිළිතුරු දෙමින් පැවසුවේ අනුර කුමාර දිසානායක පැවසුවේ රැස්වීම් සඳහා අරපිරිමැස්මෙන් වියදම් කරන බවයි .

විවාද සඳහා කෙරෙන අභියෝග පිළිබඳව ඔහු කියා සිටියේ තමන්ට ව්‍යාපාරිකයින් සමඟ විවාද කිරීමේ අදහසක් නැති බවයි .

අනුර කුමාර දිසානායක ගේ පුද්ගලික අදායම් පිළිබඳව විමසුවිට ඔහු කියා සිටියේ තමන්ට යල සහ මහ කෙරෙන කුඹුරක් සහ සුළු ව්‍යාපාරයක් ඇති බවයි. සරල ජීවිතයක් පවත්වා ගෙන යන බැවින් මේ අදායම් ප්‍රමාණවත් බවයි ඔහු පැවසුවේ.

යළිත් එෆ් සී අයි ඩී විමර්ශන යළිත් ආරම්භ කොට දුෂිතයින්ට දඬුවම් කරන බවයි ඔහු පැවසුවේ.

 

Related Articles