විධායක ජනාධිපතිකමත් දුරියන් වගේ

විධායක ජනාධිපතිකමත් දුරියන් වගේ

විධායක ජනාධිපතිකම අහෝසි කිරීම ගැන බොහෝ දෙනා කතා කළත් මේ දිනවල කිසිදු කෙනෙක් මේ ගැන කථා කරන්නේ නැත. ඒ අතරවාරයේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගියදා සමුළුවක් කැඳවුයේ ඒ ගැන කතිකා වතක් ඇති කිරීම සඳහාය.

ගැඹුරු මාතෘකාවක් වන විධායක ජනාධිපතිකම අහෝසි කිරීම ගැන රැස්වූ සභාව කොක් හඬලා සිනා සෙන්න්නට ප‍ටන් ගත්තේ වයඹ පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුගුණවටවන සිද්ධත්ත හිමියෝ විධායක ජනාධිපතිකම දුරියන් වලට සමාන කිරීමත් සමඟය.                                                                                  x

‘විධායක ජනාධිපති පදවිය අහෝසි කරන එක ලේසියි කියලා මම හිතන්නේ නැහැ. ඒක හරියට දූරියන් ගෙඩියක් වාගේ. අල්ලන්න අමාරුයි, කටු පිරිලා, දුර්ගන්ධය ඉතිරෙනවා. කටුව ඝනයි. ඒත් බොහොම අමාරුවෙන් හරි ලෙල්ල ඇර ගත්තොත් රස මිහිරියි, හරිම ප්‍රනීතයි, අහක දාන්න හිතෙන්නෙම නැහැ. ඒ නිසා මේ විධායකයේ රස එක මොහොතක් හරි වින්ඳ කෙනෙක් ඒක අත අරින්න කැමැති වෙන්නේ නැහැ. ඒ නිසා මාස හයක් නෙමෙයි, එක විනාඩි හයක් වත් දෙන්න හොඳ නැහැ. විධායක බලේ රස එක මොහොතකට හරි දැනුනොත් ඒක අහෝසි කරන කතා බොරු. ඒ නිසා අපිට පුළුවන් විය යුතුයි මේක කෙසේ හෝ ඉවර කරලා දාන්න… තල්ලු කරලා දාන්න ” යැයි කීහ.

Related Articles