විශ්ව බුද්ධි හෙවත් රොෂාන්  උභතෝකෝටිකය

විශ්ව බුද්ධි හෙවත් රොෂාන් උභතෝකෝටිකය

සුනඛයෙකුට සිවුරක් පොරවා බුදු දහමට නිගා වන අන්දමේ ටික් ටොක් වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරිය බව කියන රත්නපුරේ විමල බුද්ධි නොහොත් විශ්ව බුද්ධි මුනි දැන් රොෂාන් රණසිංහය.

දැන් ඔහු ඇප පිට නිදහස්ය. බුදු දහමට, සංඝයා වහන්සේලාට නිගා වන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරිනු ලැබුවහොත් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශන කටයුතු විවේචනය කළහොත් යළිත් ඔහුව රිමාන්ඩ් කරන බවයි මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඔහුට අවවාද කොට ඇත්තේ.

සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් සැකකරුට මීට පෙර ඇප දීමේදී මෙවන් වැරදි නොකිරීම ඇප කොන්දේසියක් ලෙස නියම කර නොතිබූ හෙයින් ඔහු එය උපයෝගි කර ගෙන අපහාසාත්මක වීඩියෝ යළිත් අන්තර්ජාලයට මුදාහැර ඇති බව පැවසීය . මේ අනුව පෙනී යන්නේ නීතියේ තිබෙන සිදුරු අතරින් රිංගා යෑම සම් මතයට අභියෝග කිරීමේ මගක් ලෙස රොෂාන් රණසිංහ තොර ගෙන ඇති බවයි . ඔහුම පවසන පරිදි මේ සෑම කටයුත්තකින්ම ඔහු ගේ ටික් ටොක් ගිණුමේ ප්‍රසිද්ධිය වැඩි වේ.

1998 උපත ලැබු සැකකරු කොලූපිටියේ අමරකීර්ති නමින් 2019 වසරේදී පැවිදි වී ඇතැයිද, එම වසරේදීම සිවුර හැරදමා සිංගප්පූරුවේ රැකියාවකට ගොස් ඇති ඔහු ලංකාවට පැමිණි පසු රාමඤ්ඤ නිකායේ පැවිදිවී ඇතැයිද කී දිලීප පීරිස් මහතා 2020 ජනවාරි වන විට සැකකරුගේ ගිණුමට රුපියල් ලක්ෂ 26කට ආසන්න මුදලක් බැර වී ඇතත් නඩු කටයුතු ආරම්භ වූ පසු ඔහු ගිණුම්වලින් මුදල් යළි ලබාගෙන ඇතැයිද කීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ප, පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ විශ්ව බුද්ධි නමැත්තා වරදක් කර ඇති බවට සැකයකින් තොරව තහවුරු වූ හෙයින් ඔහු භික්ෂූත්වයෙන් නෙරපීමට තීන්දු කළ බව ය.

“යම් භික්ෂුවක් සම්බන්ධයෙන් චෝදනාවක් හරි පැමිණිල්ලක් හරි ඉදිරිපත් වුණා ම ඒ ගැන සොයා බලන ක්‍රමවේදයක් තියෙනවා. අධිකරණ සංඝ සභා හරහා ඒ ගැන විමර්ශනය කරලා ඒක නිවැරදි කරන්න පුළුවන් වරදක් නම් අවවාද කරලා මුදා හරිනවා. ඒත් වරද බරපතළ නම් පාරාජිකා හතරෙන් එකකට යටත් වෙනවා නම් කාරක සංඝ සභාව තීරණයක් ගන්නවා, අදාළ භික්ෂුව ගැන,” සෝභිත හිමියෝ පැවසූහ.

රාමඤ්ඤ මහා නිකායේ තීරණයකට අනුව කටුතු කිරීම එතරම් අපහසු නැත චුදිත භික්ෂුව රාමඤ්ඤ මහා නිකායේ කැඳවීම් වලට ප්‍රතිචාර නොදැක් වූ හෙයින් ඒ නෙරප හැරීම සාධාරණ සේ පෙනේ . අනෙක් කරුණ වන්නේ භික්ෂුන් වහන්සේ නමක් පැවිදි වන්නේ සසුනේ සහ නිකායේ ණේඃඒඒටඃ ඇලට අවනත වන බව පොරොන්දු වෙමිනි.

ඒ අනුව රාමඤ්ඤ නිකායේ නීති දැන් ඔහුට බලපාන්නේ නැත . රොෂාන් රණසිංහ පවසන දේ සහ ආගමට වන නිගරුව අතර ඇති සම්බන්ධය හොයා ගැනීම ඕනෑම උසාවියකට දුෂ්කර විය හැකිය . මිනිසුන් බැතියෙන් අදහන ආගමක් සම්බන්ධයෙන් අසංවේදිව කතා කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා එකඟ නොවන බව සත්‍යකි . එහෙත් ඔහු පවසන දෙයින් ආගමට නිගරුවක් වීද යන්න විවාදාත්මකය . කරුණු කාරණා කෙසේ වෙතත් දැන් සිදුවීම් මාලාවක් උසාවියට යොමුවී අවසානය . එහෙයින් මේ සම්බන්ධයෙන් උසාවියේ සිදුවන්නේ කුමක්දැයි බොහෝ දෙනා බල සිටිති

ලබන මාර්තු 28 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට රොෂාන් රණසිංහට නියම වී ඇත.

Related Articles