ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීම ජයග්‍රහණයක්- සීෂෙල්ස් ජනපති

ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීම ජයග්‍රහණයක්- සීෂෙල්ස් ජනපති

අරාබි මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ‘ලොරෙන්සෝ පුතා 4‘ බහුදින යාත්‍රාව සහ ධීවරයන් 6 දෙනා නිරුපද්‍රිතව බේරාගෙන සීෂල්ස් රාජ්‍යෙය් වරායට වික්ටෝරියා නගරයට රැගෙන ඒමට හැකිවීම සම්බන්ධයෙන් එරට ජනාධිපතිපති වරයා තම ආරක්ෂක හමුදාවට තම ප්‍රසාදය පලකොට ඇත .

සෝමාලි මුහුදු කොල්ලකරුවන් මීට පෙර අත්අඩංගුවට පත් වූ අවස්ථාවක්

වෘත්තීයභාවය, ධෛර්යය සහ නිර්භීතකම සීෂෙල්ස් ආරක්ෂක හමුදාවේ ආත්මය බව ජනාධිපති වේවල් රාමකලාවන් පැවසීය.

“කුඩා වුවත්, ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සමුද්‍රීය ආරක්‍ෂාව, සාමය සහ අධිෂ්ඨානය අත්කර ගැනීමට අපි අපගේ දායකත්වය ලබා දෙන්නෙමු, විශේෂයෙන් ඉන්දියන් සාගරයේ අපගේ කොටසෙහි ලෝකය ආරක්ෂිත සහ සාමකාමී කලාපයක් ලෙස පවතිනු ඇත. නැවත වරක් මම නැවත වරක් අවධාරණය කරමි. සීෂෙල්ස් ආරක්ෂක හමුදාවන් කෙරෙහි සීෂෙල්ලෝස් ජාතියේ අභිමානය සහ විශ්වාසය සදා පවතිනු ඇත ” යැයි ජනාධිපතිවරයා පැවසීය.

සන්නද්ධ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගන්නා ලද ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක පාලනය යළි අත්පත් කර ගැනීමේ මෙහෙයුම සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය සමඟ සීෂෙල්ස් ආරක්ෂක හමුදා (SDF) විසින් මෙහෙයවන ලැබූ බවත්
දැඩි අභියෝග වලට මුහුණ දෙමින් මේ ක්‍රියාන්විතය සිදු කල බවත් සීෂල්ස් ආණ්ඩුවේ නිළ පුවත් ඒජන්සිය ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ සමුද්‍රීය බළකා හරහා

ශ්‍රී ලංකාව විසින් විසින් ඒකාබද්ධ සමුද්‍රීය බළකා හරහා කරන ලද දැනුම්දීම් වලින් අනතුරුව ඉන්දියාව විසින් සීෂෙල්ස් වෙත ලබදෙන ලද ඉන් අනතුරුව මුර සංචාර නෞකාවක් වන Topaz මගින් ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරන ලදි .

ලොරෙන්සා පුත් යාත්‍රාව සහ එහි කාර්ය මණ්ඩලය අඟහරුවාදා වික්ටෝරියා වරායට රැගෙන ඇවිත් ඇත අතර ඔවුන් ශ්‍රී ලංකාවට එවීමට නියමිතය . සෝමාලි මුහුදු කොල්ලකරුවන් ත්දෙනක් ඇත අඩන්ගුවට් ගෙන් ඇති අතර ජාත්‍යන්තර සමුද්‍ර බලකායේ විමර්ශකයින් ඔවුන් ප්‍රශ්න කිරීමට  නියමිතය.සෝමාලි මුහුදු කොල්කරුවන් ක්‍රියාත්මක වී ඇත්තේ කාලයකට පසුවයි.

ඉරාන ධීවරයන්

මෙරට ධීවරයින් ඉරාන ධීවරයන් සමග හොඳ මිතු දමක් පවතින අතර අහාර බෙදා ගැනීම ඇතුළු ඕනෑ එපාකම් සඳහා පිහිට වීම මෙහිදී සිදුවේ.

මෙදින ඉරාන යාත්‍රාව ලොරෙන්සෝ පුතා 4 වෙත කිට්ටු කරද්දී එහි සිටි ධීවරයන් සිතා ඇත්තේ මොවුන් ඉරාන ධීවරයන් බවය.

එහෙත් නිමේෂයකින් ඇසුණු වෙඩි හඬත් සමග බෝට්ටුවේ සිටින්නේ සෝමාලියානු ජාතිකයන් තිදෙනෙකු බව ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාවේ ධීවරයන්ට අවබෝධ වන විට සියල්ල සිදුව ඇත

 

Related Articles