මාර්ගගත සුරක්ෂිත බව ක්‍රියාත්මක කරන්නේ කවුද ?

මාර්ගගත සුරක්ෂිත බව ක්‍රියාත්මක කරන්නේ කවුද ?

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ට පක්ෂව ඡන්ද 108ක් සහ විපක්ෂව ඡන්ද 62ක් සහිතව සම්මත වී තිබේ .
බොහෝ මාධ්‍ය වේදීන් සහ සිවිල් සංවිධාන පමණක් නොව ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගම් රැසක්ද මෙම පනතට විරෝධය පලකොට ඇත .
උසාවිය නිර්දේශ කළ සංශෝධන නොකොට ඉතා කඩිමුඩියේ මෙම පනත සම්මත කර ගත බවයි විපක්ෂය පවසන්නේ
සම්මත වුණේ සම්පූර්ණ පනත් කෙටුම්පතක් ලෙස ගැසට් නොකරන ලද වෙනම කෙටුම්පතකි. ඒ අනුව, මෙය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ මූලධර්මවලටත් අනනකූල යැයි හැඟෙන නීති සම්පාදනයක් බවයි විද්වතුන් පේනවා දෙන්නේ .

මෙම පනත යටතේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීමට නියමිතය . මේ ආකාරයට අභියෝගයට ලක්වූ පනතකින් ලබෙන බලය ක්‍රියාවට නැගීම පහසු කටයුත්තක් නොවනු ඇත .

කොමිසම ජනාධිපතිවරයා පත් කරන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එම පත්කිරීම් අනුමත කළ යුතුය. කොමිසමේ සාමාජිකයන් පස් දෙනෙකි. දැන් බොහෝ දෙනා බලා සිටින්නේ මේ පස් දෙනා කවුරුන්ද යන්නයි

පනතේ සඳහන් වෙන තහනම් කාර්යය සඳහා භාවිතා කරනු ලබන ‘මාර්ගගත ස්ථාන’ ප්‍රකාශයට පත් කිරීමේ බලයක් කොමිසමට ලැබේ. මෙ ඉතා පුළුල් බලයකි .

ශ්‍රී ලංකාව තුළ සිදධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම, අසත්‍ය ප්‍රකාශ මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ කෝප කරවීම, අසත්‍ය ප්‍රකාශ මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම, ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, මාර්ගගත ක්‍රම හරහා අසත්‍ය සන්නිවේදනය කිරීමෙන් වංචා කිරීම, අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම, සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතනාන්විතවම නින්දා කිරීම, කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම, හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම, ළමා අපයෝජන, වරදක් සිදු කිරීම සඳහා බොරු සෑදීම හෝ අවභාවිතා කිරීම, කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම’ ආදිය වේ.

තහනම් ක්‍රියා සිදුකරන ස්ථානයක් ‘ප්‍රකාශයට පත් කිරීම’ අනුව අදාල මාර්ගගත තොරතුරු සපයන වෙබ් අඩවි ආදිය
කොමිසමට නම් කළ හැකිය .එසේ නම් කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රකාශය ඉවත් කර ගැනීමේ සිට දඬුවම් කිරීමට යොමු කිරීම දක්වා ක්‍රියා මාර්ග පරාසයක් ඔස්සේ කොමිසමට කටයුතු කල හැකිය .

මේ බරෑරුම් කාර්යයට අත ගසන පස් දෙනා ගේ කාර්ය ඉතා බරෑරුම් එකක් වනු ඇත . මන්දයත් ඔවුන් ගනුදෙනු කරනුයේ සමාජයක පදනම රඳවා පවතින අදහස් ප්‍රකාශනය සමඟ බැවිනි . අදහස් ප්‍රාකාශ නය සහ වගකීම අතර වූ සමතුලනය මෙම පිරිසට පවත්වා ගෙන ය හැකිද නැතිද යනු තීරණය වනු ඇත්තේ කොමිසමේ ක්‍රියාකාරිත්වය මතය.

Related Articles