ශ්‍රීධරන් ෆෙඩරල් මාවතට -ජනාධිපතවරණයට දෙමළ අපේක්ෂකයෙක් ?

ශ්‍රීධරන් ෆෙඩරල් මාවතට -ජනාධිපතවරණයට දෙමළ අපේක්ෂකයෙක් ?

ශ්‍රීධරන් ෆෙඩරල් මාවතට -ජනාධිපතවරණයට දෙමළ අපේක්ෂකයෙක් ?

ඉදිරි ජනාධිපතිවරණයට දෙමළ අපේක්ෂකයෙක් ඉදිරිපත්ව ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයකින් දෙමළ ජනතාවගේ ගැටළු විසඳීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා තමන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට වැඩි ඉඩක් තිබෙන බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති .

හිටපු නායක සම්පන්තන් ගෙන් වරම් ලැබ

 

සුමන්තිරන්- සම්පන්තන් ගෙනගිය ප්‍රති සංස්කරණවාදී වැඩ පිළිවෙලට වඩා රැඩිකල් ජාතිකවාදී වැඩ පිළිවෙලක් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නව නායකත්වයට පත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කටයුතු කරන බව පෙනෙන්ට තිබේ .

දකුනේ ප්‍රධාන දේශපාලන පක්ෂ හා එක්ව කටයුතු කරනවාට වඩා තමන්ගේ අනන්‍යතාව කෙරේ වැඩි උනන්දුවක් දක්වන ශ්‍රී ධරන් පවසන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම දෙමළ ජනතාවගේ ගැටළු වලට විසඳුමක් නොව බවයි .

රනිල් වික්‍රමසිංහට අවසිදායක තත්වයක්
මේ ස්ථාවරයත් සමඟ දෙමල ජාතික සන්ධානය තුල දැනට තිබෙන බෙදීම් වැඩි විය හැකිය අනෙක් අතට සම්ප්‍රදායිකව දෙමළ ඡන්ද ලැබෙන රනිල් වික්‍රමසිංහට අවසිදායක තත්වයක් ඇතිව ඊට සමාන්තරව ජාතික ජන බලවේගයට වැඩි වාසියක් ඇති විය හැකිය . අනෙක් අතට දෙමළ අපේක්ෂකයෙකුට සෑහෙන තරම් ඡන්ද ලබා ගත හැකි වුවහොත් දෙවෙනි මනාප ගණන් කිරීමකට යාමට සිදුවෙනු ඇත.

නායකත්ව තරඟ යේදී එම් ඒ සුමන්තිරන් ගේ පරාජයට ප්‍රධාන වශයෙන්ම හේතුවුනේ දකුණේ බහුතර බලයෙන් පත්වෙන ආණ්ඩු දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් අවංකව කටයුතු නොකරන බවට මතයක් පැතිර යෑමයි.

මේ මතය පිළිගත් පක්ෂ සාමාජිකයන්ගේ හා දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය ශ්‍රීධරන්ට හිමිවිය.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පැවති ඡන්දයේදී ශ්‍රීධරන්ට මේ මතයේ වාසිය ලැබී තිබුණ අතර ඒ නිසාම දකුණේ දේශපාලනය සමග සම්බන්ධකම් ඇති ඔහු සමග පක්ෂ නායකත්වයට තරග කළ එම් ඒ සුමන්තිරන් ට පරාජයට පත්වන්නට සිදු විය.

අලුත් විමුක්ති සම්ප්‍රදායකට
ශ්‍රීධරන් පක්ෂ නායකත්ව ඡන්දය ජය ගැනීමෙන් පසු ජනවාරි 21 වැනිදා ත්‍රිකුණාමලය නගර සභා ශාලාව ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීධරන් පාක්ෂිකයින් අමතා සිටියේ දෙමළ ජාතියට අහිමි වී තිබෙන මූලික අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අලුත් විමුක්ති සම්ප්‍රදායකට මුල පුරන බවයි .

දෙමළ ජාතික සන්ධානය, පසුගිය ජනාධිපතිවරණ වලදී අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර සෘජුව හා වක්‍රාකාරයෙන් දකුණේ අපේක්ෂකයින්ට ඡන්දය ලබාදීමට කටයුතු කළහ විරුද්ධව දෙමළ ජනතාවගේ ඡන්ද මෙහෙය වූ අතර අවසන් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසටද, ඊට පෙර මෛත්‍රීපාල සිරිසේනටද, සරත් ෆොන්සේකාටද තවත් විටක හෙක්ටර්
කොබ්බෑකඩුවටද උතුරේ ඡන්දදායකයින් තම මනාපය ලබා දුන්හ .
දැන් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා වෙනත් වචන වලින් කියා සිටින්නේ මේ ප්‍රවනතාව වෙනස් විය යුතු බවයි .

සම්මුතිකාමී විසඳුමක්

ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පවසන කරුණ උතුරේ ජනතාව කොතෙක් දුරට පිලිගනීවිදැයි යන්න වෙනමම ප්‍රශ්නයකි .මන්දයත්
සම්මුතිකාමී විසඳුමක් ඔස්සේ ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවක් ඇතිව දකුණේ සෙසු ජාතින් හා සහ ජීවනයෙන් විසීමට කැමති විශාල ජනකොටසක් උතුරේ වෙසෙති .

අනෙක් අතට දකුණේ මෙන්ම උතුරේත් දේශපාලඥයින් ගැන වැඩි මනාපයක් නැති පිරිසක්ද උතුරේ සිටිති.

කේන්ද්‍රීය ගැටළුව වන්නේ මේ ජන තීරුව ආමන්ත්‍රණය කල හැකි හරි හමං පක්ෂයක් දකුණේ තිබේද යන්නයි .

Related Articles