ශ්‍රී ලංකා මහා බැංකුවෙන් කොළ එළි

ශ්‍රී ලංකා මහා බැංකුවෙන් කොළ එළි

ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පොලී අනුපාතය 0.5 කින් අඩු කොට ඇත . රටේ ආර්ථික තත්වය වැඩි දියුණු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි මහා බැංකුව පවසන්නේ .මේ සමඟම බැංකු ණය පොලී අනුපාතයද අඩුවීමට නියමිතය .මේ මගින් ව්‍යසයකයින්ට වැඩියෙන් ණය ලබා ගැනීමට ඇති ඉඩකඩ වැඩිවෙනු ඇත.
ඒ සමඟම රුපියල් වලින් ලබා දෙන ණය වලට පනවා ඇති සීමා ලිහිල් කිරීමටත් ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කොට ඇත

ණය ගෙවා ගත නොහැකිව දුෂ්කර තත්වයකට පත්ව සිටින ව්‍යාපාරිකයින්ට සහය වීම සඳහා වෙනමම ඒකකයක් පිහිටවිය යුතු බව මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ නියෝග කොට ඇත.

 

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් හට අවශ්‍ය උපදෙස් ලබා දීම මෙම ඒකකවල කාර්ය වනු ඇත

ශ්‍රි ලංකාව සතු විදේශ මුදල් සංචිත වල වැඩිවීමක් තිබෙන බවයි මහා බැංකුව පවසන්නේ .පෙබරවාරි මාසය වන විට ඩොලර් බිලියන 4.5ක විදේශ මුදල් සංචිත මහ බැංකුව සතුව පැවති අතර පසු ගිය දින කීපය තුල විදේශ මුදල් වෙළෙඳ පොළෙන් විශාල වශයෙන් ඩොලර් මිලදී ගැනීමට හැකිවූ බව මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසීය.

ඉවත් නොවන බව

 

තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන්

ආචාර්ය නන්දලාල් වීරසිංහ   අද (26) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී  පැවසීය.

“මම පැහැදිලිව කියන්න ඕනේ, මගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම නිසා මම ඉවත්වෙලා යන්නේ නෑ. ඒක ඉතාම පැහැදිලියි. මම යනවා නම් යන්නේ, මේ රස්සාවෙන් රටට කරන දේ කරන්න බැරි නම් පමණයි. ආයතනයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ආයතනයේ ප්‍රධානියා විදියට මට වගකීමක් තියෙනවා. ඒ දේ මම කළා. ඒ නිසා මම දකින්නේ නෑ මේක මට ඉවත් වෙන්න හේතුවක් කියලා. ”

Related Articles