සතුරු ප්‍රතිවිරෝධතා මඩින්න ජවිපෙ මර්ධනය

සතුරු ප්‍රතිවිරෝධතා මඩින්න ජවිපෙ මර්ධනය

ලෙනිනුත් කියල තියෙන විදියට අපි බලයට ආවට පස්සේ මේ තියෙන සතුරු ප්‍රතිවිරෝධතා තව සිය දහස් ලක්‍ෂ වාරයකින් වැඩිවෙනව. අඩු වෙන්නෙ නැහැ. ඒකට තමයි රාජ්‍ය බලය තියෙන්නෙ. ජනතාව බලය දෙන්නේ රට ගොඩනගන්න වගේම ඒ බලය කඩාකප්පල් කරන අය වෙනුවෙනුත් තීන්දු ගන්න. ඒ ගානට කිව්වාම ඇතිනේ.. ”- ජවිපෙ දේශපාලණ මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ලාල් කාන්ත

මේ ප්‍රකශයට අනුව ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් යටතේ ඔවුන්ට එරෙහි වන පිරිස් මර්ධනය කිරීම සාධාරනීය කෙරේ .ඇත්ත වශයෙන්ම බලය පත් වෙන සෑම ආණ්ඩුවක්ම ක්‍රියාත්මක කරන්නේ තමන්ට එරෙහි වන පිරස් මර්ධනය කිරීමේ ක්‍රියා පිළිවෙතයි.

මාක්ස්වාදී දේශපාලන පිළිවෙතක් වෙනුවෙන් පෙනී සිටි ලෙනින් ,ස්ටාලින් ,මාවෝ සේතුන්ග් , චේ ගුවේරා මෙන්ම කස්ත්‍රෝ මර්ධනයේ යාන්ත්‍රනය නොමඳව භාවිතා කලේ ප්‍රතිගාමිත්වයේ ලේබලය භාවිතා කරමිනි .

ලෝකය ලෙනින් ගේ ප්‍රතිගාමීත්වය මැඩලීමේ න්‍යායෙන් බොහෝ දුර පැමිණ ඇති බව ලාල් කන්තට වැටහී නොයෑම සංකේතවත් කරන්නේ පරිණතිය පිළිබඳගැටළුවක්ද ?
හොරු ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැවිත් එල්ලන බව කීවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය , හොරුන්ට ජම්පර අන්දන බව කීවේ රනිල් – සිරිසේන යහපාලන සන්ධානයයි . ඒවා ගැලරියට කියූ කතා බව පැහැදිලිය .

ජේ. ආර් ජයවර්ධන පැවසුවේ සිරිමවෝගේ පවුල් ගහ මුලින් උදුරා දමන බවයි . මුලින් උදුරා දැමීම කෙසේ වෙතත් ඔහු සිරිමා බණ්ඩාරනායක ගේ ප්‍රජ අයිතිය අහෝසි කොට යම් පමණකට හෝ දන මන සතුටු කළේය .

මැතිවරණ ආසන්නයේදී හොරු කොටු කරන බව පැවසීම දන මන පුබුදු කරන වාජිකරණයකි. ඒ අනුව ලල කාන්ත මේ මර්ධන කථාවෙන් ඇඹරුවේ සුපුරුදු මැතිවරණ ගුලියක්ද එසේ නැතිනම් ඔහු කියන්නේ ඊට වැඩි යමක්ද යන්න විමසිල්ලෙන් බලා හිඳිනු වටී.

කෙසේ වෙතත් ජවිපෙ ජෙෂ්ඨයෙකුට ලාල් කාන්ත අමතා මෙසේ කිව හැකි නම් වටී ‘ මේ යන්තම් නගාගෙන එන වෙලාවේ පිස්සු නම් කෙලින්න එපා ලාල් සහෝදරයා ‘

Related Articles