සජිත් රූපලාවණ්‍ය සේවක චෝදනා වලට පිළිතුරු දෙයි

සජිත් රූපලාවණ්‍ය සේවක චෝදනා වලට පිළිතුරු දෙයි

සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍ය ධුරය දරන කාලසීමාවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 19 දෙනෙකු ජලනී ප්‍රේමදාස මහත්මියගේ රූපලාවණ්‍ය ආයතනයේ සේවය සඳහා යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිතුරු දී ඇත.

ඉංජිනේරු සංස්ථාවේ අභ්‍යන්තර විගණන නිලධාරී වාර්තාවක් උපුටා දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ කල ප්‍රකාශය සජිත් ප්‍රේමදාස විසින් ප්‍රතික්ෂේප කොට ඇත .

මේ වාර්තාව අල්ලස් කොමිසමට යොමු කළ පසු අල්ලස් කොමිසම කියා ඇත්තේ අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණ කරුණු නොමැති බව සඳහන් කර ඇති බවත් ඊට පසු කෝප් කමිටුව අදාළ අමාත්‍යාංශ නිලධාරීන් ගෙන්වා උපදෙස් දී නව කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ වාර්තාව මේ වන විටත් එළි දක්වා නොමැති බවත් එයට හේතුව වි ඇත්තේ එල්ල කර ඇති චෝදනාවලට සජිත් ප්‍රේමදාස ඇතුළු කිසිදු පුද්ගලයකු වරදකරුවන් නොවන බවට ඔප්පු වී ඇති නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අභ්‍යන්තර විගණක වාර්තාවක් කියා පොහොට්ටුවේ වෘත්තීය සමිති සාමාජිකයන් යොදා ගෙන ව්‍යාජ වාර්තාවක් සකස් කර ඇති බවත් එම විගණන වාර්තාව ලියා ඇත්තේ එන්. වී. ටී. ධම්මික යන පුද්ගලයා බවත් මෙවැනි තනතුරක් දැරිමට අදාළ විෂය ගැන මූලික උපාධියක් සහ වසර 12ක පළපුරුද්දක් තිබිය යුතු වුවත් ඔහුට මෙවැනි විගණන තනතුරක් දැරීමට හෝ සුදුසුකමක් නොමැති බවත් අවම වශයෙන් AAT වත් නොමැති පුද්ගලයකු බවත් මේ සියල්ල ව්‍යාජ අභ්‍යන්තර විගණන වාර්තාවක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

Related Articles