සනත් නිශාන්ත නික්ම යාමෙන් අනතුරුව

සනත් නිශාන්ත නික්ම යාමෙන් අනතුරුව

 

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යෑම හේතුවෙන්, හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර පත් වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වැඩි ම මනාප සංඛ්‍යාවක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ පළමු වැනියා වීමට සනත් නිශාන්තට හැකි වූ අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 80,082කි.හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකර ලබා ගත් මනාප සංඛ්‍යාව 40,527කි. ඔහු විමල් විරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණේ සාමජිකයෙක් වන අතර අනුව පාර්ලිමේන්තුවේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු ගණන 07 දක්වා ඉහල යනු ඇත.

විවාහ උත්සවයකට සහභාගී වී
සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා ඊය දවසේ පාර්ලිමේන්තු විවාදයට සහ භාගි වී හලාවත විවාහ උත්සවයකට ගොස් ආපසු කොළඹට පැමිණී මේදී මේ අනතුර සිදුවූ බවයි ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පැවසුවේ .

කටුනායක – ‍කොළඹ අධිවේගී මාර්ගයේ දී සනත් නිශාන්ත ගමන් කරමින් තිබූ ජීප් රථය ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන් අනතුර සිදුව ඇත .


නීතිඥ චමරි පෙරේරා සමඟ විවාහ වී සිටින සනත් නිශාන්ත දියණියන් තිදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියෙකි.

 

මිශ්‍ර ප්‍රතිචාර
මේ මරණයෙන් අනතුරුව මිශ්‍ර ප්‍රතිචාර පලවෙමින් තිබේ . කුසල් පෙරේරා මේ පිළිබඳව සටහනක් තබමින් කියා සිටින්නේ ඡන්ද දායකයින් කුහක ලෙස හැසිරෙන බවයි.

“පුද්ගලික තේරීම් අනුව පාර්ලිමේන්තු යවලා, “අන්න අරූ මැරිලා” කියලා කිරි බත් කාලා ආතල් ගන්න ඡන්දදායකයින් අන්ත කුහක ජාතියක්. ඒ කුහක කම සමාජ මාධ්‍ය ජාලවල වැඩියෙන්ම ප්‍රදර්ශනය කරන්නෙත් තරුණයින්ම තමයි යයි” කුසල් පෙරේරා පවසයි .

“දේශපාලනය ඇතුලේ පිස්තෝල ඉනේ ගහගෙන, පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂ නායකට පවා තග දමමින් ගිය යම් ත්‍රාඩ අධිවේගයක් තිබ්බ මන්ත්‍රී කෙනෙයැයි ආචාර්ය මහේෂ් හපුගොඩ පවසයි. ඒ ගමනේ අවසානය මීට වෙනස් එකක් වෙන්න කොහොමත් ඉඩ තිබ්බේම නැහැ.”යැයි ආචාර්ය මහේෂ් හපුගොඩ පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ සනත් නිශාන්ත අවංක මන්ත්‍රීවරයෙක් වූ බවයි.

නිරන්තර ආන්දෝලනයට
සනත් නිශාන්ත ගේ දේශපාලන ක්‍රියාකාරකම් නිරන්තර ආන්දෝලනයට ලක් වූ අතර අරගලයට පහරදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර ඉන් අනතුරුව ඇති වූ කලබල වලදී ඔහුගේ නිවස ගිනිබත් කරන ලදී.

ආරච්චිකටුව ප්‍රාදේශීය ලේකම් වරයාට පහරදීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව නඩු පවරා තිබින .

Related Articles