සිවිල් නියෝජිත හැසිරීම ගැටළු සහගතයි ?

සිවිල් නියෝජිත හැසිරීම ගැටළු සහගතයි ?

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම කථානායකවරයා ප්‍රමුඛ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතර සාමාජිකයින් අනුමත කර ඇති බව නීතිපතිවරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

දැන් මේ සමාජයේ පුරවැසියන්ට ඇති ගැටළුව නම් සිවිල් සමාජය නියෝජනය කරන දැන් උගත් යැයි කියන සිවිල් සමජ නියෝජිතයින් මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව වැරදිකරුවෙක් වූ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීමට දායක වුයේ කෙසේද යන්නයි .එය කුහුල දනවන ගැටළුවකි .

සිවිල් සමාජය නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය  අනුලා විජේසුන්දර මෙම පත්කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කල බව වාර්තා වී ඇත .

සිවිල් සමාජය නියෝජනය කරන ආචාර්ය ප්‍රතාප් රාමනුජම් සහ  මහාචාර්ය දිනේෂා සමරරත්න ඡන්දය දීමෙන් වැලකී සිටි බව වාර්තා වී  ඇත .

ආචාර්ය රාමානුජම් මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර දශකයකට වැඩි කාලයක් අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයෙකු ලෙස සේවය කර තිබේ. දිල්කුෂි අනුලා විජේසුන්දර වෘත්තියෙන් වෛද්‍යවරියක් වන අතර, ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.

මේ තරම් දැන් උගත් සිවිල් සමාජ නියෝජිතයින් ඉතා බැරෑරුම් කරුණක් පිළිබඳව මතයක් ප්‍රකාශ නොකර සිටින්නේ කෙසේද යන්න ගැටළුවකි
ඔවුන් සැබෑ ලෙසම පුරවැසියන් නියෝජනය කරන්නේ නම් මේ පිළිබඳව පුරවැසි ප්‍රජාවට පැහැදිලි කිරීමක් කල යුතු බව යමෙක් යෝජනා කළහොත් එය අසාධාරණ එකක් සේ සැලකිය හැකිද ?

Related Articles