රනිල් : පොහොට්ටුව කඹ අදී

රනිල් : පොහොට්ටුව කඹ අදී

වත්මන් රජයේ ඇමැති ධූර රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් සුළු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතු බවට මත පළ කළත් එය පක්ෂයේ මතය නොවන බවත් ඡන්දය ප්‍රකාශයට පත් කළ පසු පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි .

මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී නාමල් රාජපක්ෂ පැවසුවේ ජනාධිපති අපේක්‍ෂක ධූරයට තවත් නම් ඉදිරිපත් වුවද ඒ කිසිවකටත් කලබල විය යුතු නැති බවයි.

ප්‍රසන්න රණතුංග

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමා පෞද්ගලිකව විශ්වාස කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගාල්ලේ රැස්වීමකදී පැවසීය .

ඊළග ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට විකල්ප අපේක්ෂකයෙක් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම වඩාත් සුදුසු බවද අමාත්‍යවරයා කීය.

පොහොට්ටුවට වෙනත් විකල්ප අපේක්ෂයකු සිටින බව තමන්ට නම් පෙනෙන්නට නැති අතර මේ නිසා රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම වඩාත් සුදුසු බවයි ප්‍රසන්න රණතුංග පවසයි .

විදේශගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන මාර්තු 05 දා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

Related Articles