චම්පික ආර්ථික හොරු  අල්ලන්න එයිද ?

චම්පික ආර්ථික හොරු අල්ලන්න එයිද ?

ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම අනිවාර්ය අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. වර්තමාන ආර්ථික අර්බුදය නිර්මාණයට සම්බන්ධ බොහෝ පිරිසක් සිටින බවත් ඔවුන් සම්බන්ධව විධිමත්, නිවැරදි පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් හඳුනාගත යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මහින්ද රාජපක්ෂ , ගෝඨභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මෙන්ම හිටපු මහා බැංකු අධිපතිවරුන් වන නිවාඩ් කබ්රාල් මේ රටේ ආර්ථික අවපාතයට වග කිව යුතු බව අධිකරණය මගින් තීරණය කොට ඇත.

මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට රනිල් වික්‍රමසිංහ දැනට ජනාධිපති කොමිසමක් පත් කරන බවක් පෙනෙන්නට නැතත් පොහොට්ටුවේ සහයෝගය නැතුව ජනාධිපති වරණයට තරඟ කිරීමට ඔහු ඉදිරිපත්වන්නේ නම් ඒ පිළිබඳව පියවර ගැනීමට ඔහු පසුබට නොවනු ඇත.

ඔවුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බව පාඨලී චම්පික රණවක කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ හමුවූ වහාමය.

මන්ත්‍රීවරයා පවසන්නේ කොවිඩ් කාලසීමාවේ සිදුවූ අක්‍රමිකතා නිවැරදිව විමර්ශනය කළ යුතු බව මෙන්ම කොවිඩ් මරණ සම්බන්ධව ද අවධානය යොමුකිරීම වැදගත් බවයි.

ඉන්ධන අර්බුදයට සම්බන්ධ පාර්ශව පිළිබඳව ද සිහිපත් කළ චම්පික රණවක මන්ත්‍රීවරයා එවැනි විවිධ අර්බුද ඇති කර රට බංකොලොත්භාවයට පත්කළ ජාවාරම්කරුවන් නිවැරදිව හඳුනාගත යුතු බවයි.

ඔවුන් සිරගත කිරීම අතිශය වැදගත් බව ද එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක තවදුරටත් පවසයි. ජාතික ජන බලවේගයද පවසන්නේ එවැනිම කථාවකි.

Related Articles