අස්නා දැරියගේ මරණයට වගකීම රෝහලේද ?

අස්නා දැරියගේ මරණයට වගකීම රෝහලේද ?

හෘදය වස්තුවේ සිදුරක සැත්කමක් සඳහා සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුලත් කල තම දියණිය මියගියේ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් බව ඇයගේ පියා වන උපුල් ප්‍රියන්ත පවසයි . තම දියණියගේ සෙම්ප්‍රතිෂ්යා රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර කිරීම නිසා තම දියණිය ට නිව් මෝනියා රෝගය වැළඳුන බව අගේ පිය පවසයි.

පන්නිපිටිය පැලැන්වත්ත හොරණ පාර පදිංචිව සිටි ආස්නා සෙනදි නමැති වයස අවුරුදු 3 යි මාස 3 ක් වයසැති දැරියට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා එකපාරම කලාන්ත ගතියක් ඇතිවී අතක්ද අප්‍රාණික වී මී මැස්මොරය වැඩි වූ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

දැරිය දැඩි සත්කාර ඒකකයේදී මිය ගියාය .රෝහළ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක ජි. විජේසූරිය පැවසුවේ “දැරියගේ දෙමව්පියන් මේ දක්වා අවම වශයෙන් දුරකථනයෙන් වත් පැමිණිල්ලක් සිදු කරලා නැහැ.මේ දරුවට රෝහලින් ලබා දිය යුතු ප්‍රතිකාර උපරිම මට්ටමින් සිදු කරලා තියෙනවා.පැමිණිල්ලක් සිදු කළොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් අනිවාර්යෙන් සිදු කරනවා” යනුවෙනි

Related Articles