මැතිවරණ කොමිසම අර්බුදයේ

මැතිවරණ කොමිසම අර්බුදයේ

මේ වසරේ මැතිවරණයක් පැවැත්වීම සඳහා රජය වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 10ක් පමණි. ඒ අනුව පාර්ලිමෙන්තුව නියම කාලයට පෙර විසුරුවා හැරියහොත් මුලින් පැවත්වීමට සිදුවන්නේ පාර්ලිමේන්තු මැතිවරණයයි. එවිට ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මුදල් නැතිවනු ඇත. මන්ද ජනාධිපතිවරණය සඳහා තවත් බිලියන 10යකට වැඩි මුදලක් අවශ්‍ය වනු ඇත.

ව්‍යවස්ථානුකූලව සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර අනිවාර්යයෙන් ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු නමුත් දැනට පවතින තත්වය අනුව ප්‍රතිපාදන ඇත්තේ එක මැතිවරණයක් සඳහා පමණි. පාර්ලිමේන්තුව ලබන ජූලි මස විසුරුවීමට බොහෝ ඉඩකඩ ඇතැයි ඇමති ටිරාන් අලස්ගේ හිමිකාරිත්වය යටතේ ඇති මව්බිම පුවත්පත පවසයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වෙතින් පාර්ලිමේන්තුව ලබන ජූලි මස විසුරුවීමට යන බවයි ‘ඉරිදා මව්බිම’ පුවත් පත සදහන් කරන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණයක් මුලින් පවත්වා තමන්ට වාසිදායක සංයුතියක් නිර්මාණය කරගෙන ජනාධිපතිවරණයකට යෑම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉඩ ඇති බවත් මව්බිම පුවත්පත පවසයි. පක්ෂ කිහිපයක් එක් කොට ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජාතික ආණ්ඩුවක් ස්ථාපනය කළ බවත් මව් බිම පුවත් පත් පවසයි.

මේ අතරවාරේ රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පවසන්නේ නිසි කලට ජනධිපතිවරණය පවත්වන බවයි.

Related Articles