නන්දලාල්  පාර්ලිමේන්තුවට ?

නන්දලාල් පාර්ලිමේන්තුවට ?

මහ බැංකුවේ ඉහළ නිලධාරීන් ගේ පඩි පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව වැඩි කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට ගොස් කරුනු ඉදිරිපත් කිරීමට තමන් ඇතුළු මුල්‍ය මණ්ඩලයට අවස්ථවක් ලබා දෙන්නැයි මහ බැංකු අධිපති මුදල් ඇමැතිවරයාද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල් ලීමක් කොට ඇත. රට හැරයාම වලක්වාගැනීම සඳහා පඩි වැඩි කල බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසතත් වැඩිම වැටුප් වැඩිවීම් ලබා ඇත්තේ කාර්යාල කාර්ය සේවකයින්ය.

මේ ම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බවයිවිපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය .

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එසේ කටයුතු කිරීමට පාර්ලිමේන්තු මුදල් කමිටුවට කැඳවීමට අවස්ථාව ඇති බවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අනූ දෙනකු රට හැර ගොස් ඇති හෙයින් එම ප්‍රශ්නයට විසඳුම් ලබා ය යුතු බව රංජිත් සියඹලාපිටිය පැවසුවේය .

මහ බැංකු නිලධාරින්ගේ වැටුප් තම ආණ්ඩුව යටතේ අය කර ගන්නා බවයි, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේ.

රට බංකොලොත් වෙන එක වසර තුනක් තිස්සේ හංගගෙන හිටියා. පාර්ලිමේන්තුවටවත් කිව්වෙ නැහැ . ඒ අය කොහොමද ගැලවුම්කාරයො වෙන්නේ. හරි නම් ඒ අයගෙ පඩි අඩු කරන්න ඕනේ.” යැයි කිරිඇල්ල පැවසීය,

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති ““ඒ වගේ රට ගැන හැඟීමක් නැති නිලධාරීන් ගියදෙන්කො. වැඩක් නෑනෙ තියාගෙන. පඩි වැඩිකර දුන්නේ නැත්නම් රට හැර දා යනවා කියන අය මේ රටට වැඩකරයිද? එහෙම අය මේ රටට ඕනෑද? ” යැයි ප්‍රශ්න කළේය .

Related Articles