ප්‍රංශය ඉන්දීය සාගරයේ බලවත් වෙයි

ප්‍රංශය ඉන්දීය සාගරයේ බලවත් වෙයි

ඉන්දියන් සාගරය බලවතුන් ගේ පොරපිටියක් බවට පත්වෙන අතරවාරේ ප්‍රංශය ශ්‍රී ලංකාව හරහා නව පියවරක් තබා ඇත.  ඉන්දියන් සාගරයේ නීතිවිරෝධී කටයුතු වලක්වාලීම සඳහා ප්‍රංශය ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළඹ සිටී.

ඉන්දීය සාගර කලාපය ආශ්‍රිත සංවිධානය (අයෝරා )හරහා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. නීතිවිරෝධී මසුන් ඇල්ලීම හා වෙනත් ජාවාරම් වැටලීම සඳහා ප්‍රංශය ශ්‍රිලංකාවේ නාවික හමුදාව සමඟ කටයුතු කරනු ඇත .

එසේම ත්‍රිකුණාමලයේ නාවික පුහුණු පාසලක් ආරම්භ කිරීමට ශ්‍රිලංකාවේ නාවික හමුදාව සමඟ කටයුතු කරන බව ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි. මේ වන විට ප්‍රංශය තම නාවික හමුදා භටයින් හාර දහසක් පමණ ඉන්දියන් සාගරයේ රඳවා ඇත.

Related Articles