රුසියානු විපක්ෂ නායකයාගේ  මරණය  අභිරහසක්

රුසියානු විපක්ෂ නායකයාගේ මරණය අභිරහසක්

සිරගතව සිටි රුසියානු විපක්ෂ දේශපාලනඥයා ඇලෙක්සි නවාල්නි මියගොස් ඇති බව රුසියානු බන්ධනාගාර සේවය නිවේදනය කර තිබේ.

ජනාධිපති පුටින්ගේ සෘජු විවේචකයෙකු වන නවාල්නි 2021 අන්තවාදී සංවිධානයක් ආරම්භ කිරීම සහ අරමුදල් සැපයීම සම්බන්ධයෙන් වරදකරු වූ අතර, ඔහු එය ප්‍රතික්ෂේප කළමුත් චෝදනා ඔප්පුවිම හේතුවෙන් ඔහුට අමතර වසර 19ක සිර දඬුවමක් නියම විය.

 

ඔහුට ඒ වන විටත් වරප්‍රසාද කඩකිරීම්, වංචාව සහ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර නවයක සිර දඬුවම් නියම වී තිබුණි.

නවාල්නිගේ මරණයට හේතු මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් ව්ලැඩිමීර් පුටින් වගකිය යුතු බවත්, නවාල්නි දූෂණයට එරෙහි ඇදහිය නොහැකි තරම් නිර්භීත සටන්කරුවෙකු බවත් එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබිණ.

 

 

Related Articles