හසීනා යළිත් බංග්ලාදේශයේ අගමැති තනතුරට

හසීනා යළිත් බංග්ලාදේශයේ අගමැති තනතුරට

මතභේදාත්මක මැතිවරණයකින් පසු බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පාර්ලිමේන්තු ආසන 300න් 223ක් ජය ගෙන ඇත. මේ අනුව එකදිගට සිව් වන වරටත් ජය ගත් ඇය තවත් අවුරුදු 5ක කාලයක් අග්‍රාමාත්‍ය ධූරය දරනු ඇත.

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය (Bangladesh Nationalist Party) ඡන්ද විමසීම වර්ජනය කළේ ඡන්ද විමසීම දූෂිත බව කියමින්.

නිල සංඛ්‍යා ලේඛන අනුව ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 40%ක් පමණ අඩු අගයක් ගන්නා බව ප්‍රකාශයට පත් වී ඇත.

අවාමි ලීගයේ ප්‍රධාන ලේකම් ඔබයිදුල් ඛාදර් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ, ජයග්‍රහණ සැමරුම් පෙළපාළි හෝ සැමරුම් උත්සව නොපවත්වන ලෙස හසීනා පක්ෂ නායකයින්ට සහ ආධාරකරුවන්ට උපදෙස් දී ඇති බව ය.

මැතිවරණය ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාධීන භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සිය ඉල්ලීම් අවාමි ලීගය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු බංග්ලාදේශ ජාතික පක්ෂය මැතිවරණය වර්ජනය කළේ ය.

Related Articles