රවී වෛද්‍යාලංකාර ඩීල් දැම්මාද ?

රවී වෛද්‍යාලංකාර ඩීල් දැම්මාද ?

දූෂණ හා මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) තමන් ඉදිරිපත් කළ පැමිණිලි නිසි ලෙස විමර්ශනය නොකළ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර පිළිබඳව විමර්ශනය කොට දඬුවම් ලබා දියයුතු බව දූෂණ විරෝධී හඬ ව්‍යාපාරයේ කඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

දුෂණ වලට අදාළ ආයතනයක අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස එම ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා කටයුතු කරන බව දූෂණ විරෝධී හඬ ව්‍යාපාරයේ කඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමන් කළ පැමිණිල්ල ගැන නිසි විමර්ශනයක් නොකළ වෛද්‍යාලංකාර මහතා මේ වනවිට එම සමාගමෙන් අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් රුපියල් ලක්ෂ 14 ක් ලබන බව වසන්ත සමරසිංහ පවසයි . ඔහු නිසි ලෙස රාජකාරිය සිදුකළා නම් එම සමාගමෙන් ලක්ෂ 14 ක් ගෙවන්නේ ඇයි ද යන්න සොයා බැලිය යුතු යැයි ද ඔහු පෙන්වා දුන්නේය .

ජනතා විමුක්ති පෙරමුණ සතුව දූෂණ චෝදනා සහිත ලිපිගොනු ඇති බව නිතර පැවසුවත් ඒ පිළිබඳව නිසි පැමිණිලි කිරීමට පියවර නොගන්නේ මන්දැයි මාධ්‍ය කල විමසීමකට පිළිතුරු දුන් වසන්ත සමරසිංහ පැවසුවේ ජාතික ජන බලවේගයේ රජයක් යටතේ චෝදනා ලබා ඇති පිරිස සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් පොලිසිය ලවාම සිදුකර අවශ්‍ය අයට දඬුවම් ලබා දෙන බවයි .

සිටීම නිසා රටේ ජනාවට එම ආයතනයෙන් සිදුවිය යුතු සාධාරණය ඉටුනොවූ බව ද සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles