උද්ධමනය මහ බැංකුවට විතරද ?

උද්ධමනය මහ බැංකුවට විතරද ?

රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ වැටුප් වැඩි කර ගැනීමට සිදුවූ බවයි ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන් පවසන්නේ. සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව මෙම නිලධාරීන් පවසති.

පළමු කොට කිසිදු රාජ්‍ය ආයතනයක් මේ තරම් දැවැන්ත අනුපාතයකින් තම සේවක වැටුප් වැඩි කරගෙන නැති අතර දෙවනුව පෞද්ගලික ආයතන රැසක් කොරෝනා සමයේ තම සේවකයින් ගේ පඩි අඩු කළ අතර තවමත් පෙර පැවති මට්ටමට වැටුප් නොගෙවන ආයතන රැසක් ඇති බව මේ මහ බැංකු විධායකයින්ට අමතක වී ඇති බව වැටුප් වැඩි කිරීමේ තීරණය ප්‍රශ්න කරන පිරිස් පෙන්වා දෙති

ස්ථාවර පිළිතුර වැටුප් වැඩිකිරීමද ?

පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට එහි සේවය කළ පළපුරුදු නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් අහිමි වූ බව විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි . තත්වය මෙසේ නම් දි ගින් දිගටම වැටුප් වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැතිද යන ප්‍රශ්නය මතුවේ .

ලෝක බැංකුව සහ ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවය කිරීමට තම සහෝදර සේවකයින් නික්ම ගිය බව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි .මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි නොවූයේ නම් ඉතිරි නිලධාරීන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රට හැර යාමට තිබූ බවත් එවිට මහ බැංකුවේ කටයුතු තවත් අඩාල වීමට ඉඩ තිබූ බවත් එම සංගමය වැඩි දුරටත් පවසයි .

පළමු කොට විමසිය යුත්තේ මහ බැංකුවේ කී දෙනෙකුට එවැනි ඉහළ පෙලේ ආයතන වල රැකියා හොයාගත හැකිද යන්නයි . දෙවනුව වැ ටුප් වැඩි කොට ඇත්තේ කාගේදැයි හොයා බැලිය යුතුය . වැඩිම වැටුප් ලැබී ඇත්තේ කාර්ය ල සහයක සේවකයින්ටය .

මහ බැංකු සේවකයින්ට ලබාගත හැකි උසස්වීම් අවස්ථාද ඉතා සීමිත බවත් සිය වෘත්තිමය සුදුසුකම් උපයෝගී කොටගෙන පෞද්ගලික ආදායම් මාර්ග සකසා ගැනීමට නොහැකිවන අන්දමේ නීතිමය බාධක සහ තවත් සීමාකාරී සාධක පවතින බවත් විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි .ඔවුන් මේ රැකියාවට එක්වන්නේ මේ සීමාකම් වලට යටත්ව නොවේද ?අනෙක් අතට සම්ප්‍රදායිකව සෙසු රාජ්‍ය ආයතන වලට වැඩි වැටුප් තල මහා බැංකුවට ලබාදී තිබුනි .

පගා ගහමුද ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට බලපෑමකින් තොරව සිය සුපරීක්ෂණ කටයුතු කිරීමට තරඟකාරී වැටුපක් හිමිවිය යුතු බවද එම සංගමය පැවැසුවේය. මේ තර්කය අනුව මේ තරඟකාරී වැටුපේ සීමාව කොතනද යන ප්‍රශ්නය මතුවේ . වැඩ සරලව ගතහොත් බොහෝ නිලධාරීන්ට මෙසේ පැවසිය හැකිය ‘ අපිට පගා ගහන්න ඕන තරම් චාන්ස් තියෙනවා හැබැයි පගා නොගහා ඉන්න ඕනේ නම් හොඳට ගෙවන්න ඕනේ යැයි කිව හැකිය.

බුද්ධි ගලනය

බුද්ධි ගලනය නැවැත්වීමට ගත් මෙම පියවරට එරෙහිව හඬ නගන්නේ කුමක් නිසාදැයි පැහැදිලි නැති බව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන් ප්‍රශ්න කරති . මහ බැංකුවේ කෙරුවාව දෙස බලන විට ගලන්නට තරම් බුද්ධියක් මහ බැංකුව තුල තිබේද යන ප්‍රශ්නය මතුවේ .

අධිකරණ තීන්දුවට අනුව ප්‍රධාන පෙළේ ආර්ථික අවභාවිතාකරුවන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහ බැංකු අධිපතිවරුන්ය . ඔවුන් අවකල් ක්‍රියාකාරකම් වල යෙදන විට මේ “බුද්ධිමත්” ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන් කොහි සිටියේද යන ප්‍රශ්නය මතුවේ.

Related Articles