සුන්දර කලහකරුවා නික්ම ගොසිනි

සුන්දර කලහකරුවා නික්ම ගොසිනි

පාලිත තෙවරප්පෙරුම නික්ම යන්නේ ලාංකීය දේශපාලනයේ සුන්දර කලහකරුවා ගේ භූමිකාව සනිටුහන් කරමිනි .

 

එදා ජාතියේ ගාන්ධර්වයන් වූ අමරදේවයන් ගේ අවමගුල් දිනය විය .
ප්‍රබුහු එකිනෙක නිදහස් චතුරශ්‍ර භූමියෙන් නික්මයද්දී ලොරියට පුටු පටවන රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම දැකගත හැකිවිය.

මේ අපුරු මිනිසාට කථා කිරීමට මෙය හොඳ අවස්ථාවක් බව මට වැටහුනි .

පුටු පැටවීමට බධා කළ මම මුළින්ම ඔහුගේ පුතාගේ අකල් වියෝව ගැන කණගාටුව පළ කළෙමි .

පාලිත තෙවරප්පෙරුම පුතා මිය ගොස් තිබුනේ ඒ ආසන්නයේ දීය.
,මම තාමත් හැමදාම රෑට පුතා මතක් කරලා අඬනවා යැයි ඒ මුරණ්ඩු මිනිසා මට කියා සිටියේය.

මගේ ඊළඟ වාක්‍ය ඔහුට හීසැරයක් විය . පාසැලකට ළමයෙක් ඇතුල් කිරීමේ සිදුවීමක් හේතුවෙන් විදුලි පංකාවක එල්ලුනු තෙවරප්පෙරුම මට මතක් විය.

 

ඇමතිතුමා ගේ මගෝඩි වැඩ නම් මට අල්ලන්නේ නැහැ යැයි ඇඟට නොදැනී කියා සිටියෙමි .ඔහු අහිංසක ලෙස සිනාසුනේය . ඊළඟ මොහොතේ ඔහු කල්පනාවට වැටුනේය.

‘මිනිස්සු අතරේ ඉඳගෙන දේශපාලනය කරන කොට එහෙම වෙනවා ‘ යැයි ඔහු සිටියේය .රක්ෂිත බන්ධනාගාරය ඔහුට සුපුරුදු නවාතැනක් විය . පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවට ඔහු බිය නොවීය

කොවිඩ් වසංගතය සමයේ රැයක් දහවලක් නැතුව ගිලනුන්ට උවටැන් කළේය .

 

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටොන් ගණනක් බෙදා දුන්නේය .

ගංවතුර සමයේදී මතුගම අගලවත්තට නැතුවම බැරි සමාජ සේවකයා පාලිත තෙවරප්පෙරුම විය

2014 වසරේ ජුනි 15 සහ 16 වෙනි දිනවල බේරුවල සහ අලුත්ගම මුස්ලිම් ජනතාව ප්‍රහාර වලට ලක්වෙද්දී ඔහු ඔවුන්
පමණක් නොව ඔවුන්ගේ කුකුලන්ද රැක දුන්නේය .

ඡන්දයෙන් පැරදුනු තෙවරප්පෙරුම ජීවිතයෙන් පැරදුනේ නැත .

 

පරිසරය සමඟ ජීවත්වූ තෙවරප්පෙරුම ස්වකීය අවසන් මොහොත ගැන නිතර කථා කළේ සැහැල්ලු සිතෙනි .

ජීවිතය ජයගත් මිනිසුන්ගේ ගති සොබා එහෙමය .

 

ගාමිණී රුවන්චන්ද්‍ර

 

 

 

 

 

Related Articles