සුකුමලී  නුඹම තමා -යොහානි  ‘කපිල් ෂර්මා’….

සුකුමලී නුඹම තමා -යොහානි ‘කපිල් ෂර්මා’….

ඉන්දියාවේ ජනප්‍රියම හාස්‍ය උත්පාදන වැඩසටහන වන ‘කපිල් ෂර්මා’ හි විශේෂ අමුත්තකු ලෙස සහභාගි වන්නට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් වන යොහානි ද සිල්වාට ඉඩ ලැබුණු අතර ඇයට ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇත.

පොකට් සයිස් හාල් මැස්සියක් වන යොහානි ද සිල්වාට මග පාදා දුන්නේ රජීව් සෙබස්තියන්ය.

“රජීව් සෙබස්තියන් මහත්මයා හමුවීම මට විශේෂයි. ඔහු මට ඔහුගේ වියදමින් තනුවක් නිර්මාණය කර, ඔහුම ගේය පද ලියා “හාල් මැස්සා” (වියෝලේ වියෝලේ) ගීතය නිර්මාණය කර දුන්නා.

අදටත් මම ෂෝ එකක අන්තිමට කියන්නේ ඒ ගීතය. ඔහු මාව දැක්කේ සංගීත යෝධයන් අතරේ හාල් මැස්සෙක් විදිහට.

ඒ හාල්මැස්සට මුලින්ම අත දුන්න යෝධයා ඔහුයි. ඒ නිසා ඔහුට මම සදා ණයගැති වෙනවා.” යැයි යොහානි ද සිල්වා පැවසුවාය.

Related Articles