රනිල් යන්නේ කවුරුන්  සමඟද ?

රනිල් යන්නේ කවුරුන් සමඟද ?

මීළඟට පැවැත්වෙන මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව පිළිබඳව කතිකාවක් ගොඩ නැගෙමින් පවතී.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානයක් බිහිකොට ඊට පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් මැතිවරණ සඳහා තරග කිරීමට යොදවා ගැනීම එක විකල්පයකි.

එවැනි සන්ධානයකට ලබාගත හැකි මැතිවරණ ජයග්‍රහණයන් පිළිබඳව සැකයක් පවතී.

අනෙක් ක්‍රියා මාර්ගය වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය සන්ධාන ගත කොට රනිල් වික්‍රමසිංහ නායකත්වය ලබා ගැනීමයි. එහිදී ගැටලුව වන්නේ සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස් ඊට කැමැත්ත පළ කරාවිද යන ප්‍රශ්නයයි. මෙවැනි සන්ධානයක් ඇති වුවහොත් ඊට වැඩි ජයග්‍රහණයක් ලබා ගත හැකිය.

ලබන මැතිවරණයේදී අරගලයට සම්බන්ධ තරුණ පිරිස් වෙතින්ද විවිධ පක්ෂ සහ පෙරමුණු වලින් ඉදිරිපත්වීමට ඉඩ ඇති අතර ඔවුන්ගේ බලපෑම
සම්ප්‍රදායික පක්ෂ වලට දැඩි බලපෑමක් කිරීමට ඉඩ තිබේ.

රනිල් වික්‍රමසිංහ හට ගතහැකි තවත් ක්‍රියා මාර්ගයක් වන්නේ ප්‍රතිපලය ගැන නොසිතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි. එවිට පොහොට්ටුවේ
බලපෑමෙන් මිදී ඉතිරි ජනාධිපති ධුර කාලය ගතකොට අවශ්‍ය නම් ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව කටයුතු කල හැකිවෙනු ඇත.

Related Articles