පුවත් මවන  ඩයනා  ඩබල් පාස්පෝට්ද ?

පුවත් මවන ඩයනා ඩබල් පාස්පෝට්ද ?

විටින් විට පුවත් මවන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසන්නේ ද්විත්ව පුරවැසියන් පාර් ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවයි.

දැන් හෙළි දරව් වන ආකාරයට ඩයනා ගමගේ ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ
සිදුවීමකට මැදිහත්ව සිටී. එම මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටිමින් ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධිය කලාන්තරයක් තිස්සේ යටපත් ව තිබී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නොතීසි නිකුත් කොට ඇත.

මෙම පැමිණීල්ල ලැබී වසර දෙකක් ගතවී ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධීකරණයෙන් ඉල්ලීමක් කොට තිබේ.

Related Articles