ඉන්දියාවෙන් ගවරුන් ගෙන්වන්න හැදුවේ කවුද ?

ඉන්දියාවෙන් ගවරුන් ගෙන්වන්න හැදුවේ කවුද ?

ගවරා නමැති ගව විශේෂයේ සත්ත්වයන් හය දෙනෙකු ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස අගෝස්තු මස මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පාර්ශවය විසින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙන බව පසුගියදා ඉන්දීය ජනමාධ්‍ය අනාවරණය කොට තිබෙන අතර මේ ඉල්ලීම කළේ නම්
එසේ කිරීමට බලපෑ හේතු මොනවාද යන්න හොයා බැලිය යුතුව තිබෙන තත්වයක් මතුවී තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැති ප්ලයිස්ටොසීන අවධිය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කොට අධ්‍යාපනය සිදු කර ඇත්තේ ආචාර්ය පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල විද්වතා විසිනි. එම අවධියේදී ලංකාවට ආවේණික ගවර විශේෂයක් ජීවත්ව සිටි බවට සහ ගවරා පිළිබඳ ඇසිදුටු යැයි සනාථ කළ හැකි ප්‍රථම සාක්ෂින් හමු වන්නේ 1962 වර්ෂයේදී පුරාවිද්‍යා පර්‌යේෂක දැරණියගල විද්වතා විසින් කළ කැනීමකදීය.

සත්ව පුරාවිද්‍යා විශේෂඥ කැලුම් මනමේන්ද්‍රආරච්චි මහතා පවසන්නේ එම යුගයේ සිටි සතුන් විශාල ප්‍රමාණයක් වඳවී යාම ආරම්භ වී ඇත්තේ සතුන් දඩයම් කිරීම සහ වගාව හේතුවෙන් පරිසර පද්ධතිවලට සිදුවූ විනාශය නිසා බවයි. ප්ලයිටොසීන යුගයේ දී අද අපට දක්නට නැති බොහෝ සතුන් මෙරට ගොඩබිම තම අණසක පතුරවමින් සිටි බවට මෙරටින් හමුවී ඇති පොසිල සාධකවලින් පැහැදිලි වෙන අතර කැලුම් මනමේන්ද්‍රආරච්චි මහතා පවසන්නේ ගවරා නැමැති ගව විශේෂයේද පොසිල රත්නපුර පතල් වළවල්වලින් හමුවී ඇති බවයි.

‘‘ගවරා මහනුවර යුගයේ අග දක්වාම ලංකාවේ කැලෑවල ජීවත් වුණු ශක්තිමත් හා ඉතාම කෲර සතෙකි .

හුදකලා මෘගයකු වන ගවරා සඳහා වෙන් කිරීමට තරම් පරිසර පද්ධතියක් නැති අවස්ථාවක බයිසන් ගවයින් හයක් ඉල්ලා සිටීමට අනුමැතිය දුන්නේ කවුරුන්ද යන්න බරපතල ගැටළුවකි.

19 වන සියවසේ අගභාගයේදී ඉංග්‍රීසි ජාතිකයන් විසින් ගවරා නම් සත්වයා විශාල වශයෙන් දඩයම් කළ බවත්, සුදු ජාතිකයන් මුලදී කෝපි වතු සඳහාත් පසුව තේ වතු සඳහාත් මධ්‍යම කඳුකරයේ පරිසර පද්ධතිය විනාශ කිරීම ගවරා වැනි සතුන් වඳවීමට තදින් බලපෑ බවත් පුරාවිද්‍යා විශේෂඥයෝ පවසති.

Related Articles