ජනාධිපති  මාධ්‍ය ඒකකයේ කෝටි  ගණනක උපකරණ වලට  මොකද වුනේ ?

ජනාධිපති මාධ්‍ය ඒකකයේ කෝටි ගණනක උපකරණ වලට මොකද වුනේ ?

ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -2020 කාලයේ දී අස්ථාන ගතව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.

ජනාධිපති මන්දිරයේ ගබඩා බාරකරුගෙන් ලද තොරතුරු අනුව විගණනයේ සඳහන් කර ඇති පරිදි ජනාධිපති මන්දිරයේ පැවති “Inventory” අයිතම 12ට අයත් භාණ්ඩ 24ක් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට රැගෙන ගොස් ඇතත් ඒවා සම්බන්ධයෙන් අදාළ පොත් පත්වලට කිසිදු සටහනක් ඇතුළත්ව නැත.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් 2019 නොවැම්බර් 18 වැනිදා කරන ලද දැනුම් දීමකට අනුව ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරු කළ සොයා බැලීමකදී එහි නව ගොඩනැගිල්ලේ තිබු ” Inventory” ගත අයිතම 35කට අයත් භාණ්ඩ 61ක් සොයා ගත නොහැකි වි ඇති අතර ඒ සම්බන්ධයෙන් 2022 මාර් තු දක්වා කිසිදු විමර්ශනයක්ද සිදු කර නැත.

මෙම විගණන වාර්තාවට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය ඒකක 2019 දක්වා පවත්වා ගෙන ගොස් තිබෙන්නේ ඒකක හතරක් යටතේය. එහෙත් 2019 නොවැම්බර් මාසයේ මාධ්‍ය අංශය ආරම්භ කර තිබෙන්නේ නව මාධ්‍ය අංශය යන නාමය යටතේ වන අතර ඊට භාර ගත් භාණ්ඩ පිළිබඳවද නිසි ලේඛනයක් පවත්වා ගෙන ගොස් නැත.

Related Articles