හෙන්චයියන්ට ඉඩම්?

හෙන්චයියන්ට ඉඩම්?

මෙවර අයවැයෙන් රජයේ ඉඩම් අක්කර ලක්ෂ තුනක් කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමට යෝජනා කොට ඇත. ලංකාවේ ඉඩම් භාවිත ප්‍රතිපත්තියක් හෝ ඉඩම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නැත් අවස්ථාවක ඉඩම් මුදා හැරීමෙන් ඉඩම් ආණ්ඩුවේ හිතවතුන් අතට පත්වීට ඉද අ තිබේ.

රජයේ ඉඩම් දේශපාලන හෙංචයියන්, අවස්ථාවාදී ව්‍යාපාරිකයන් සහ විවිධ ජාවාරම්කරුවන් විසින් ලබාගෙන එහි ගහ කොළ කපා දමා ඒවා අපහරණය කිරීමේ අතීත අත්දැකීම් ඒමට ඇත.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය,හිඟුරාන සීනි සමාගමේ ඉඩම් සහ කන්තලේ සීනි සමාගමේ ඉඩම් මීට කදිම නිදසුන්ය. ආණ්ඩුවේ ඉඩම් අත යට ගනුදෙනු වලට හුවමාරු වන බව ප්‍රසිද්ධ රහසකි .

මැතිවරණයක් ළඟ එන විට ආණ්ඩුවේ ඉඩම් එහා මෙහා කිරීම අරමුදල් සම්පාදනයට කදිම මගකි. ආණ්ඩුවේ ඉඩම් මුදා හරින්නේ කවර ක්‍රමවේදයක් යටතේද යන්න විමසීම විපක්ෂයේ ද වගකීමකි. එහෙව් විපක්ෂයක් රටට තිබේද යන්න විමස බැලීම ආණ්ඩුවේ වගකීමකි.

Related Articles