නාලක ද සිල්වා නිදහස් – නොවිසඳුණු ගැටළු

නාලක ද සිල්වා නිදහස් – නොවිසඳුණු ගැටළු

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ (ටීඅයිඩී) ප්‍රධානියා වූ නියෝජ්‍ය ‌පොලිස්පති නාලක ද සිල්වා මේ වන විට චෝදනා වළං නිදහස්ව සිටී .ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට දායක වීම ඔහුට එරෙහිව නැගුන චෝදනාවයි .

‘දූෂණ විරෝධි බලකාය’ යැයි කියූ සංවිධානයක නාමල් කුමාර විසින් නැගු චෝදනා පදනම්ව නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනින. දැන් මේ චෝදනා ඉදිරියට ගෙන යෑමට තරම් සාක්ෂි නැති හෙයින් නියෝජ්‍ය ‌පොලිස්පති නාලක ද සිල්වා නිදහස් කොට ඇති නමුත් මේ සමඟම ගැටළු රාශියක්ද පැන නගී .

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ (ටීඅයිඩී) ප්‍රධානියා වූ නියෝජ්‍ය ‌පොලිස්පති නාලක ද සිල්වා විමර්ශනය කරමින් සිටියේ පාස්කු බෝම්බ් ප්‍රහාරකයින් සම්බන්ධයෙන්ය.

සැලසුම්ගත ලෙස පාස්කු බෝම්බ විමර්ශනය අඩාල කරමින් පදනම් විරහිත ප්‍රකාශ මත නාලක ද සිල්වා අත්අඩංගුවට ගත්තේ නම් එහිදී නාලක ද සිල්වා ගේ මානව හිම්කම් කඩවීම් පිළිබඳව ගැටළුවක් මෙන්ම ශ්‍රී ලංකාවේ නඩු පවරන් ආකාරය පිළිබඳව ගැටළුවක් මතුවේ.

ඇප ලබ්දීමෙන් පසුව පොලිස් කොමිසම නිර්දේශ මත නාලක ද සිල්වා නැවත සේවයේ පිහිට වූ නමුත් ඔහුට ලැබුනේ අද වැටුපක් පමණි. නාලක ද සිල්වා නිදහස ලැබුවේ පස්වසරකට පසුවය .

නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා අධිකරණයට දැන් දැනුම් දී ඇති හෙයින් මේ නඩු පැවරීමට දායක වුවන් මෙන්ම චෝදනා නැගු නාමල් කුමාරද නීතිය අවභාවිතා කලේද යන්න හොයා බැලීම වැදගත්ය. එවකට ජනාධිපති වූ මෛත්‍රිපාල සිරිසේන මේ සිදුවීම් දාමය තුළ කටයුතු කළ ආකාරය පැහැදිලි කර ගැනීම වැදගත්ය .

නාලක ද සිල්වා අත්අඩංඟුවට ගැනීමෙන් පසුව ත්‍රස්ත නායක සහරාන් පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටි නාලක ද සිල්වා ගේ විමර්ශන අඩාල වී සහරාන් අත්අඩංඟුවට ගැනීම සඳහා ලැබ ගෙන තිබු අධිකරණ වරෙන්තුව ක්‍රියාත්මක නොවීය .

ප්‍රහාර යේ බලපෑම:

මෙම වරෙන්තුව අනුව සහරාන් අත්අඩංගුවට ගත්තේ නම් ප්‍රහාර යේ බලපෑම අවම කරගැනීමේ හැකියාවක් තිබු බවට නාලක ද සිල්වා පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවට ලබාදුන් සාක්ෂිය ගැන කල්පනා කර බැලීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් විය හැකිය.

නාමල් කුමාර විසින් නැගු චෝදනා සාවද්‍ය නම් මේ සම්බන්ධයෙන් ගනු ලබන පියවර හෙළිදරව් කිරීම බලධාරින් ගේ වගකීමයි.

Related Articles