රනිල් නොකී කථා හර්ෂ කියයි

රනිල් නොකී කථා හර්ෂ කියයි

අයවැය විවාදයේදී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙට්‍රල්වලට, ඩීසල්වලට, ගෑස්වලට, පොහොරවලට, කම්පියුටර් එකට, ඉලෙක්ට්‍රික් බඩුවලට, ටෙලිෆෝන්වලට, තේ දල්ලට, යන්ත්‍රෝපකරණවලට වැට් වදින හේතුවෙන් ජීවන වියදම ඉහළ යන බව පැවසීය. වැට් බද්ද හේතුවෙන් 10%කින් පමණ ජනවාරි මාසයේ සිට බඩු මිල ඉහළ යන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය .

මීට පෙර වැය පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ අයවැයේ දිශානතිය නිවැරදි බවයි. ඒ අතින් ගත් කළ ජත්‍යන්තර මුල්‍ය අරමුදල එල්ල කරන පීඩනය හමුවේ හර්ෂ ද සිල්වා හිටියත් ඔහුට කිරීමට සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ කල දේම බව කවුරුන් හෝ උපකල්පනය කළහොත් එය අසාධාරණ උපකල්පනයක් නොවනු ඇත.

Related Articles