රාජපක්ෂ පාලනය රට වැසියන්ගේ අයිතිවසිකම් උල්ලංඝනය කරලා

රාජපක්ෂ පාලනය රට වැසියන්ගේ අයිතිවසිකම් උල්ලංඝනය කරලා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රට තුල ආර්ථික අර්බුදයක් ඇතිවන ආකාරයට කටයුතු ඇති බව අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළහ. ඊයේ (නොවැම්බර් 14 වැනිදා) දුන් තීන්දුවට අනුව වග උත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් 150000/- බැගින් නඩු ගාස්තු ගෙවිය යුතුය බවද තීන්දුවේ සඳහන් කළේය.

මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පිරිසද මේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයයට දායක වී ඇත .

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කොට තිබින .

විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන පැවසුවේ පෙත්සම් නිසි නීතිමය කාලසීමාව තුළ ගොනු කර නොමැති ආදී හේතු කිහිපයක් මත පෙත්සම නිෂ්ප්‍රභ කරන බවයි .

වහාම විගණනයක් සිදුකර 2022 නොවැම්බර් 30 වැනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකණයට වාර්තා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විගණකාධිපතිවරයාට නියෝග කළේය .

Related Articles