වැටුප් දීමනා වැඩිවෙයි- ජනතා ණය බර වැඩිවේ

වැටුප් දීමනා වැඩිවෙයි- ජනතා ණය බර වැඩිවේ

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්

මිලියන 1.3ක් වූ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් 2024 ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් යෝජනා කොට ඇත කරනු ලැබීය.

මේ අනුව දැනට ලැබෙන රුපියල් 7,800 ක ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 දක්වා වැඩි කිරීමට යෝජනා කොට ඇත . එසේ වුවත් ඒ මුදල අතට ලබීමට නියමිත අප්‍රේල් මාසයේ සිටයි.

එමෙන්ම ජනවාරි සිට මාර්තු මාසය දක්වා වූ හිඟ මුදල ලබන වසරේ ඔක්තෝම්බර් මස සිට වාරික ලෙස මාස 6ක් තුළදී ලබාදීමට පියවර ගැනීමට සිදුවී ඇත්තේ ආර්ථික අහේනිය හේතුවෙනි.

රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් සඳහා මාසිකව හිමිවන රුපියල් 3,525 ක මාසික ජීවන වියදම් දීමනාව ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රු. 2500 කින් වැඩි කිරීමට යෝජනා වී ඇත.

අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් බිලියන 60ක මුදල වාර්ෂිකව රුපියල් බිලියන 183ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කෙරේ. මේ අනුව ප්‍රතිලාභය හිමිවන පවුල් සංඛ්‍යාව මිලියන 02ක් දක්වා ඉහළ යනු ඇත.

විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකොට අඩු ආදායම් පවුල්වලට රුපියල් 3,000 ක මාසික කුලිය මත ලබා දී ඇති නිවාස සඳහා කුලී අය කිරීම අත්හිටුවා 2024 වර්ෂයේ දී පවුල් 50,000 කට ආසන්න සංඛ්‍යාවකට මෙම නිවාසවල අයිතිය ලබා දීමට නියමිතයි .

උතුරු සහ නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුමෙන් බලපෑම් එල්ලවූ අතුරුදන්වුවන් සහ විපතට පත් වූවන් සඳහා වූ වන්දි ගෙවීම් කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා වී ඇත ,

මිලියන 1.3ක් වූ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් 2024 ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික ජීවන වියදම රුපියල් 10,000කින් වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කරනු ලැබීය.

ඡායාරූප මූලාශ්‍රය,PMD
ඡායාරූප ශීර්ෂ වැකිය,

මිලියන 1.3ක් වූ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් 2024 ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික ජීවන වියදම රුපියල් 10,000කින් වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කරනු ලැබීය.

ආණ්ඩුවේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,900 සිට රුපියල් බිලියන 7,350ක් දක්වා රුපියල් බිලියන 3,450 කින් වැඩි කිරීමට යෝජනා කෙරේ. මේ හේතුවෙන් නව බදු රැසක් ඉදිරියේදී එකතු වීමේ ඉඩක් ඇත .අයවැයට පෙර වැට් බදු වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වේ තිබින .

එමෙන්ම විදේශ ණය ප්‍රතිවුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා සහ විදේශ ණය ප්‍රතිවුහගත කිරීම යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීම සඳහා රුපියල් බිලියන 3,000 ක් අයවැය මගින් වෙන් කිරීමට යෝජනා කර ඇත.

‪බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුලින් බදු එකතු කිරීම කාර්යක්ෂම කිරීමට අපේක්ෂා කෙරේ .
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම පහත සඳහන් අවස්ථා වලදී අනිවාර්ය කෙරේ.‬

‪* ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම,

‪* ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටන විටෙක, ඉල්ලුම්කරු විසින්.‬

‪* මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍රය අලුත් කරන විට, හිමිකරු විසින්.‬

‪* ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටෙක, ගැනුම්කරු විසින්.

Related Articles