Lanka News Line
සමුදුරු  මායිම  හරහා  උතුරු  කොරියාවෙන්  දකුණු කොරියාවට  මිසයිලයක්…

සමුදුරු මායිම හරහා උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට මිසයිලයක්…

කොරියානු අර්ධද්වීපය උතුරු දකුණු ලෙස දෙකඩ වීමෙන් පසු ප්‍රථම වතාවට දෙරටේ සමුද්‍ර දේශසීමාව හරහා ගැන ගත් මිසයිලයක් උතුරු කොරියාව විසින් දකුණු කොරියාව දෙසට එල්ල කොට ඇත.

කෙටි දුර බැලස්ටික් මිසයිලය දකුණේ සොක්චෝ නගරයේ සිට කිලෝමීටර් 60ක් (සැතපුම් 37ක්) පමණ දුරින් පතිත වූ අතර උල්ලුන්ග්ඩෝ දූපත අසළ මුහුදට එල්ල කරන ලදී.

පසුව දකුණු කොරියාව උතුරට ප්‍රතිචාර වශයෙන් මිසයිල තුනක් එල්ල කළේය. සෝල් හි ජනාධිපති යූන් සුක්-යෙයෝල් ප්යොංයැං දියත් කිරීම හැඳින්වූයේ ” භෞමික ආක්‍රමණයක්” ලෙසිනි.

උතුරු කොරියාවේ මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියාවක් හමුදාවට ඉවසා සිටිය නොහැකි බව දකුණ පවසයි.

උතුරු කොරියාව පවසන්නේ එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය ඒකාබද්ධ අභ්‍යාසවලට ප්‍රතිචාරයක් ලෙසින් මේ මිසයිල ප්‍රහාරය එල්ල කල බවයි බවයි.

දකුණු කොරියාවට එල්ල කෙරෙන න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහා කළ පෙරහුරුවක් ලෙස මේ ප්‍රහාරය උතුරු කොරියාව විසින් හදුන්වා තිබේ.

Related Articles