අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන ගෙන්  තිලිණි  ගේ  ගනුදෙනුවල සුල මුල හෙලිවේද ?

අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන ගෙන් තිලිණි ගේ ගනුදෙනුවල සුල මුල හෙලිවේද ?

ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියන ජානකී සිරිවර් ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගතයුතු බව තිලිණි ප්‍රියමාලි හා ගනුදෙනුවල නිරත වූ අසාද් සාලි මීට පෙර කියා සිටියේය.

ලංකාවේ අනාගත උසම ගොඩනැගිල්ල ලෙස ගාලුමුවදොර ඉදිකරමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නිවාස හා ව්‍යාපාරික ඒකක අලෙවි කරන මුවාවෙන් තිළිණි ප්‍රියමාලි සිදුකළ ගනුදෙනුවලට ජානකී සිරිවර්ධන දායක වුවේද යන්න පිළිබඳව විමර්ශකයින්ගේ අවධානය යොමුවී ඇත.

ක්‍රිෂ් විමර්ශන අතරතුරේ දී පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා මහතා විසින් මහෙස්ත‍්‍රාත්වරයකු හමුවේ ලබා දී ඇති පාපෝච්චාරණය මඟින් ජානකී සිරිවර්ධනගේ මුල්‍ය අවභාවිතා පිළිබඳව තොරතුරු හෙළිදරව් වූ නමුත් ඒ සිදුවීම් යටපත් වී ඇත.

නාමල් රාජපක්ෂ, ජානකී සිරිවර්ධන සහ නිමල් පෙරේරා අතර ගැටළු සහගත මුල්‍ය ගනුදෙනු තිබු බව හෙළිදරව් වී තිබින.

ජානකී සිරිවර්ධනව අද (04) පෙරවරුවේදී කොළඹ කොටුවේ පිහිටි අයගේ කාර්යාලයේදී අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

Related Articles