අරගලයේ පැතුම් කර්නර් අත්අඩංගුවේ…

අරගලයේ පැතුම් කර්නර් අත්අඩංගුවේ…

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවති විරෝධතාවය මෙහෙයවූ බව පැවසෙන සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 18 වෙනි දින ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලීසිය පවසයි.

ජූලි 13 වන දින පැතුම් කර්නර් නැමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ රැඳී සිටිමින් ජනතාවට එම ස්ථානයට පැමිණෙන ලෙස විවිධ ක්‍රම ඔස්සේ දැනුම් දී තිබේ. අත්අඩංගුවට ගැනීමට පෙර කර්නර් පැවසුවේ දැන් නායකයින් අපකීර්තියට ලක් කොට නායකයින් විනාශ කිරීමේ වැඩ පිළිවලක් ක්‍රියාත්මක වෙන බවයි.

වෛද්‍යවරයෙක් වන පැතුම් කර්නර් එංගලන්තයේ සිට ශ්‍රීලංකාවට පැමිණ කියා සිටියේ ‘ගෝ හෝම් ගෝටා 2022’ සංකල්පය සහ ඊට අදාළ අරගලය ගොඩ නැගීමේදී ප්‍රමුක කාර්යයක් කල බව පැවසුවේය. පැතුම් කර්නර් සමාජ මාධ්‍ය ජාලවල විශාල අනුගාමිකයින් පිරිසක් සිටින අයෙකි.

ඇතැම් අවස්ථාවලදී අරගලයේ ඇතැම් පිරිස් ඔහුට විරෝධය පල කළ අවස්ථාද විය. මීට පෙර හමුදා සේවයේ යෙදී සිටි පැතුම් කර්නර් මැතිවරණයටත් ඉදිරිපත් වී ඇත.

Related Articles