අවුකන සිවුරු පෙරවීම ගැන නීති ක්‍රියා මර්ග

අවුකන සිවුරු පෙරවීම ගැන නීති ක්‍රියා මර්ග

අවුකන පිළිම වහන්සේට සිවුරක් පෙරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පොලිසියට පැමිණිලි කොට ඇත. මේ අනුව නීතිමය පියවර ආරම්භ කොට ඇති බවයි වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ පවසන්නේ. පුරා වස්තු ආඥා පනත යටතේ අත් අඩංගුවට පත් වන අයකුට අධිකරණයෙන් ඇප ලබා ගැනීම දුෂ්කරය.

සිවුර පෙරවීමෙන් පසු වැස්සක් පැවතියේ නම් සිවුරේ ඇති රසායනික ද්‍රව්‍ය වලින් පිළිමයට යම් හානියක් වීමට ඉඩ තිබු බව නිශාන්ති ජයසිංහ පවසන්නීය .

අවුකන පිළිමයට පසුගිය 26 වන පුන් පෝදා කිසියම් පිරිසක් සිවුරු අන්දන ඡායාරූප සමාජ මාධ්‍ය වල සංසරණය වීමෙන් අනතුරුව අවුකන රජ මහා විහාරාධිපති හිමියන පැවසුවේ පුරා විද්‍යා නිලධාරීන් ගේ අනුමැතිය යටතේ අව්සර් ලබාදුන් බවයි .වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරිය මේ අවසර දීමේ කථාව ප්‍රතික්ෂේප කරයි . බංගලාවත්ත, ලියොන් අමරානන්ද නමැති පුද්ගලයෙකු මේ සිවුරු ඇ න්ද වීමේ කටයුත්තට මුල්වී තිබෙන බව වාර්තාවේ .

Related Articles