හරස් වුනේ රොෂාන් නොව අවාසනාවයි – වනිඳු

හරස් වුනේ රොෂාන් නොව අවාසනාවයි – වනිඳු

හසරංග ලෝක කුසලාන එක්දින කණ්ඩායමට ඇතුළත් කිරීමට නොහැකි වූයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලපෑම මත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා කල ප්‍රකාශය වනිඳු හසරංග විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

ලෝක කුසලාන සංචිතයට එක් නොවීම දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත ගත තීරණයක් බවයි සිදුවූවක් බවට වනිඳු හසරංග පවසන්නේ.

“මම එල්පීඑල් එක ඉවර වෙලා ආපහු ප්‍රැක්ටිස් පටන් ගත්තා. මම පන්දු යැවුවා. පන්දුවට පහර දුන්නා. දිවීම් පටන් ගත්තා. ඒත් මගේ අවාසනාවට ලෝක කුසලානයට සති දෙකක් තියෙද්දි මගේ පාදයේ “මසල්ස්” එක ඉරුණා. පිට රට ඉන්න වෛද්‍යවරුන්ට ඒ වාර්තා යවලා බැලුවා. ඒ අය කිව්වා මේක සනීප වෙන්න සති 12 ක කාලයක් යනවා කියලා. ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාට මේ වාර්තාවන් යැව්වා. ඔහු කිව්වා මේ තත්ත්වය හොඳ වෙන්න සති 12ක කාලයක් යනවා. ඒ නිසා ඔයාට ලෝක කුසලාන තරගාවලියට සෙල්ලම් කරන්න බැරි වෙයි කියලා. ශල්‍යකර්මයක් කරත් නොකරත් සති 12 ක කාලයක් මට ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදු වන බව වෛද්‍යවරුන් පැවසුවා. ” යැයි වනිඳු හසරංග මාධ්‍යට පැවසීය .

Related Articles