රංජිත් බණ්ඩාර ගැලවිජ්ජාවෙන් ලිස්සයි

රංජිත් බණ්ඩාර ගැලවිජ්ජාවෙන් ලිස්සයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉවත් කිරීමට සියලු පක්ෂ නායකයන්ගේ තීරණය අනුව ඔහුට හීන් සැරේ මාරු වී යෑමට අවස්ථාවක් සැලසෙනු ඇත.

මේ තීරණය ක්‍රියාත්මක වුවහොත් ‘ උන් ඔක්කොම යාළුවෝ මල්ලියේ’ යන රංජන් රාමනායක පුරෝකතණය සනාථ වනු ඇත. දැවැන්ත සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් පෙනී සිටින ජාතික ජන බලවේගය මෙම හෙමින් සැරේ ඉවත්වීමේ යෝජනාවට දක්වන ප්‍රතිචාරය දැනගන්නට නැත.

කථානායකවරයා ද මේ විමර්ශන පිළිබඳව දක්වන්නේ අල්මරුණු ප්‍රතිචරයකි .ඔහු පවසන්නේ රංජිත් බණ්ඩාර සමඟ කතා කොට තීරණයක් ගත යුතු බවයි.

විශ්වාසභංගය

කෝප් කමිටු සභාපතිවරයාට එරෙහිව SJB විසින් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවක් ද අත්හැරීමට ඉඩ ඇති බව ආරංචි වී ඇත. සිවිල් සංවිධාන නියෝජිතයින් පවසන්නේ පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩ කිරීම පිළබඳව කථානායක වරයා විසින් නිසි විමර්ශනයක් පවත්වා පියවර ගත යුතුව තිබන බවයි.

දැන් පවතින තත්වය අනුව මහාචාර්ය රන්ජිත් බණ්ඩාරට කිසිත් නොවුනා සේ පාර්ලිමේන්තුවේ පසුපෙළට වී මේ වාරය ගෙවා දැමිය හැකි වෙනු ඇත.

Related Articles