ක්‍රිකට් ලොක්කා ලංකාවට එන ලකුණු

ක්‍රිකට් ලොක්කා ලංකාවට එන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආරවුල විසඳීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ග්‍රේග් බාර්ක්ලේ ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ තිබේ. ග්‍රේග් බාර්ක්ලේ මේ අවුල පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහයෝගය දක්වන පිළට තමන් සහයෝගය දක්වන වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමට ග්‍රේග් බාර්ක්ලේ කැමැත්ත දක්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ තහවුරු නොකළ ආරංචි වලින් දැන ගන්නට තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුවේ නිලධාරීන් විසින් සියළු පාර්ශව වලට සම්බන්ධ තොරතුරු වලට සවන්දීමේ වැදගත්කම අවධාරණය කොට ඇත. මේ අතර වාරයේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ගේ ව්‍යාපාරික කටයුතු පිළිබඳව පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කොට ඇත.

Related Articles