හිටපු ජනාධිපති වරුන්ට දැවැන්ත විශ්‍රාම ප්‍රතිලාභ

හිටපු ජනාධිපති වරුන්ට දැවැන්ත විශ්‍රාම ප්‍රතිලාභ

ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ රණසිංහ ප්‍රේමදාසගේ වැන්දඹුව වන හේමා ප්‍රේමදාස යන ජනාධිපතිවරුන්ට ලේකම් දීමනා, ඉන්ධන දීමනා සහ විශ්‍රාම ප්‍රතිලාභ මාසිකව රුපියල් 3,715,350 ක විශ්‍රාම ප්‍රතිලාභ ආණ්ඩුවේ අරමුදලින් ලබා දෙන බව හෙළිදරව් වී තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුවුණු හෙලිදරව්වකට අනුව අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාසිකව රුපියල් 100,000 ක ලේකම් දීමනාවක් ද රුපියල් 679,950 ක ඉන්ධන දීමනාවක් ද රුපියල් 97,500 ක විශ්‍රාම ප්‍රතිලාභයක් ද ලැබේ. එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් 50,000ක ලේකම් දීමනාවක්, රුපියල් 679,950ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500ක විශ්‍රාම දීමනාවක් හිමි වේ.

මෛත්‍රීපාල සිරිසේනට ලේකම් දීමනාව රුපියල් 100,000, ඉන්ධන දීමනාව රුපියල් 679, 950 සහ විශ්‍රාම ප්‍රතිලාභ රුපියල් 97,500 කි . හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට රුපියල් 100,000 ක ලේකම් දීමනාවක්, රුපියල් ලක්ෂ 5 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500 ක විශ්‍රාම ප්‍රතිලාභයක් ලැබේ.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට දැනට රජයේ දීමනා ලැබේ. ඇයට රුපියල් 25,000 ක ලේකම් දීමනාවක්, රුපියල් 100,000 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 65,000 ක විශ්‍රාම දීමනාවක් ලැබෙමින් පවතී. හිටපු ජනාධිපතිවරුන්ට ජීවිත කාලය තුළ ජීවත් වීමට සුදුසු නිවසක් කිසිදු කුලියක් නොමැතිව ලබා දෙනු ලැබේ.

මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය විසින් හිටපු ජනාධිපති වරුන්ට සෑහෙන් තරමක පොඉලිස් සහ හමුදා ආරක්ෂාවක් ලබා දෙනු ලැබේ. මේ වියදම් එක් කළහොත් ළහොත් රුපියල් 3,715,350 ක මාසික විශ්‍රාම ප්‍රතිලාභය තවත් ඉහළ යනු ඇත.

හිටපු ජනාධිපති වරුන් අවස්ථා කීපයකදී තමන් මේ මුදල විවිධ අරමුදල් වලට බැර කරන අතර ඔවුන් ඒවා පුද්ගලික භාවිතය සඳහා නොගන්නා බව පවසා ඇතත් එසේ බැරවූ අරමුදලක් ගැන දැන් ගන්ටන නැත. මෙවර අයවැයට විරුද්ධව අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

“පසුගිය වසරේ හිටපු ජනාධිපතිවරුන් සඳහා රුපියල් මිලියන 84ක් වෙන් කළත් මේ වසරේ රුපියල් මිලියන 110ක් වෙන් කර තිබෙනවා. ආර්ථිකය කඩාවැටීමට හවුල් වූ බවට අධිකරණයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන සහෝදරයන් දෙදෙනාද ඒ අතර වේ. ඒ නිසා ඔවුන් ආර්ථිකය කඩාවැටීමට හවුල් වූ බව ප්‍රකාශ කරද්දී මේ පාර්ලිමේන්තුව ඔවුන්ට මුදල් වෙන් නොකළ යුතුයි”

Related Articles